
(අංජුල මහික වීරරත්න)
ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේදී අද (17)රැස්වු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙි බව පැවසීය.
මෙම ආහාර අර්බුදයේදී විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ වරුන්ගේ පවුල් පාලනයේ ප්‍රතිඵලයක් ලෙස රට වැටුණා. රට වැටුණු වෙලාවේ පණ්ඩිත කතා කියමින් සිටින විපක්ෂයට වඩා ඔබතුමා තනියෙන් හෝ යමක් කරන්න ඉදිරිපත්වීම ගැන අගය කිරීමක් කළ යුතුයි. ඔබතුමා සමග අපටත් යම් දේශපාලන ගැටළු තිබුණත්, රට වලපල්ලට වැටෙමින් පවතින වෙලේ, අනුන් විනාශ කොට දැමූ රටක් ගොඩගැනීමට ඉදිරිපත් වීම අගය කළ යුතු දෙයකි. රට කෑ අයට දඬුවම් දීමට පෙර, මුහුදේ ගිලෙනා රට බේරාගැනීම පළමුව කළ යුතුය. එය නොතේරෙන විපක්ෂය ඒ වෙනුවෙන් කටයුතු කිරීම පසෙක තබා තමන් බලයට ඒමේ ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් සිටී. ගිලෙමින් පවතින නැව ඇතුළේ රණ්ඩු කරමින් සිටිනවාට වඩා නැව රැක ගැනීමට උත්සාහ කිරීම අගනා දෙයකි. නැව ගිලී යාම නවත්වාගෙන අනතුරුව නැව ගිලීයාමට හේතුවූ අයට දඬුවම් දීමට කටයුතු කිරීම වැදගත් වේ. සිදුවිය යුත්තේ එයයි...
බොරු කයිවාරුවලින් මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. දැනටත් රටේ කොයිතරම් මිනිස්සු බඩගින්නේ ඉන්නවද? ඒකවත් දන්නේ නැතිද?
ආසන්න වශයෙන් 3 ගුණයකින් සෑම දෙයක්ම මිල ඉහළ ගොස් ඇත. මම සාමාන්‍ය පෞද්ගලික අංශයේ සේවකයෙක්... මගේ පඩි සත 05කින්වත් වැඩිවුණේ නැහැ. අපිට දැන් කන්න සල්ලි නැහැ. ඔයාලා හෙට ඉඳන් අපිට කන්න දෙනවද?
මොන විහිළු කථාවක්ද? දැනටමත් රටෙහි ජනගහණයෙන් විශාල පිරිසක් කුසගින්නේ සිටිති.
එතකොට අර එද්දි කියපු සංවර්ධනේ කෝ? කන්න දෙන්න නම් අගමැති කෙනෙක් ඕනෑ නැහැ... ග්‍රමසේවකටත් පුළුවනි...! මෙයාගෙත් බයිලා තමයි..!
ඕකට ටයි කෝට් ගහගෙන දඟලන්නේ මොකටද? අමුඩයක් ගහගෙන කුඹුරට බැස්සානම් හරි...
එහෙනම් 100%ක් නිසැකයි.. බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ..!
බඩගින්නේ ඉන්න අයට ඔහෙට කියන්න විදිහක් නැහැනේ... මෝඩ කතා කියලා මිනිස්සු කෝප කරවන්න එපා.
තනතුරු ලබාගන්න, තනතුරු රැකගන්න වැඩපිළිවෙළවල් හැරුණු කොට රට ගොඩගන්න වැඩපිළිවෙළක් පේන්නේ නැහැ. එන්න එන්නම රට ප්‍රපාතයට වැටෙනවා. දුප්පත් මිනිස්සු ගාව සල්ලි නැහැ... බඩු කොහොමද ගන්නේ.. නායකයින් මේවා විහිළුවකට අරන්..
බොරු කයිවාරු එපා. ඔයා දන්නේ නැති වුණාට දැනටත් ගොඩක් මිනිස්සු ඉන්නේ බඩගින්නේ තමයි.
කන හැටි බලාගන්න කොළඹ නිවසකට යන්න.
ප්‍රතිපත්ති ගැන කතාකරන්න නියම කෙනා.. මේ වගේ දියාරු මිනිස්සුන්ට රටවල් පාලනය කරන්න බෑ...
පාලකයාගේ කයිවාරු විතරයි. රට, ජාතිය පෝලිම්වල බඩගින්නේ. රට වටේට ගෑස් තෙල් පෝලිම්. මුල රටේම ජනතාව බඩගින්නේ වේලෙනවා. රනිල් රට ජාතිය පාවලා දුන්නු දේශද්‍රෝහියා මගේ මව්බිම කෑලි කෑලිවලට විකුණනවා.
අදහස නම් හොඳයි... නමුත් මේවා කරන්නේ කොහොමද? මිනිස්සු මේවා දැනගන්න ඕනේ..