
(දයාසීලි ලියනගේ)
වී අලෙවි මණ්ඩලය සතුව රටපුරා පිහිටි වී ගබඩා 230ට වහල මත සූර්ය පැනල සවි කිරීම කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.
මුළු වහල ප්‍රමාණය වර්ග අඩි ලක්ෂ 20ක් බව ඇමති මහින්ද මහතා කීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ හා පෞද්ගලික අවශවල සහය ඇතිව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරෙනබව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
විදුලි අර්බුදය පිළියමක් වශයෙන් වී ගබඩාවල වහල මත සූර්ය පැනල සවිකරනු ලබයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ මහල් නිවාස සංකීර්ණවලත් සවිකළා නම් හොඳයි නේද?
විශිෂ්ඨයි. හොඳම හොඳ අදහසක්. ක්‍රියාත්මක වේවා කියා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා..!
ටෙන්ඩර් නැතිව වැඩේ දාන්න කියන කෙනෙකුට දීලා ගාණක් හොයාගන්න වගේ යන්නේ...!
අසාර්ථක විය හැකි උත්සාහයක්. මේ කරන්න යන්නේ ඕෆ් ග්‍රිඩ් නොව ඔන් ග්‍රීඩ් පද්ධති වෙන්න ඕනෑ. දහවල් විදුලිය කපන වේලාවන් ආවොත් මින් වැඩක් නැතිව යනවා...
ඔහෙත් ඇමැති කෙනෙක් වෙලා ඉන්න කාලයේ නේද කුළුණ හැදුවේ? ඒ කාලේ හිතුණේ නැද්ද කුළුණ වෙනුවට ගත්ත ණයෙන් ලොකු සූර්ය බලශක්ති ව්‍යාපෘති කරන්න.. ඔබට ආර්ථිකය ශක්තිමත් කරන යෝජනා ඉදිරිපත් කරන්න හැකියාව තිබුණේ නැද්ද? ණයෙන් කොළඹ වරායේ පර්යන්තය හැදුවා නම් කොහොම වේද ඇත්තටම... නෙළුම් පොකුණු නෙලුම් කුලුණ සූරියවැව ක්‍රිකට් පිටිය රාජපක්ෂ ගුවන් තොටුපොළ ඩොලර් ලැබෙන ව්‍යාපෘතිද? රට මෙහෙම ප්‍රපාතයට වැටෙන්න ඔහේත් වගකිවයුතු අයෙක්... කොටින්ම කිව්වොත් 2010 සිට ආණ්ඩු කරපු ආණ්ඩු පක්ෂයේ ඔක්කොමලා වගකිව යුතුයි..
කුඹුරු වල ඕක හයිකර ගත්තා නම් වඩා ප්‍රතිඵලදායකයි. මොකද දැන් කුඹුරුත් වැඩ කරන්න පොහොර නැති එකේ...