
(අජන්ත කුමාර අගලකඩ)
හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් සිය නිල වාහන තවමත් බාර දී නැතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
එසේ නිල වාහන බාරදී නොමැති හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් නිල වාහනවලට අමතරව පෙර ගමන් රථ ද භාවිත කරන බව එම ආරංචි මාර්ගමාර්ග වලින් පැවසේ.
මෙම වාහන ආපසු බාර දෙන ලෙස අදාළ අමාත්‍යංශවලින් හිටපු ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට දැනුම් දී ඇතත් බොහෝ දෙනකුගෙන් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයි දැනගන්නට ඇත.
රජයේ නිල වාහන බාර නොදුනහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
මේ අතර,ඉන්ධන අර්බුදය බරපතළ වී තිබෙන නමුත්, ඇතැම් අමාත්‍යවරුන් ඉන්ධන දහනය වැඩි අධි සුඛෝපභෝගී වාහන ම භාවිත කරන බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් භාවිතා කරනු ලබන අධි සුඛෝපභෝගි වාහනවල ඉන්ධන දහනය ලීටරයකට කිලෝ මීටර් 4 ක් 5 ක් පමණ වන තත්ත්වයකින් පවතින බැවින් මෙවන් වාහන වහාම යළි ලබාගෙන පොහොසත් රටවලට අලෙවි කිරීමට පියවර ගතයුතුයි. ශ්‍රී ලංකාව මේ වනවිට බංකොලොත් තත්ත්වයට පත්ව ඇති නමුත් ඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් උසස් රාජ්‍ය නිලධාරීන් සුරසැප අත්හැරීමට සූදානම් බවක් පෙනෙන්නට නැත...
නැතිනම් රට ගොඩගන්නේ කොහොමද?
තවමත් පාඩම් ඉගෙන ගෙන නෑ වගේ.. කරුණාකරලා මේ අයගේ නම් ගම් එක්ක දාන්න. අපි ඉතුරු ටික බලාගන්නම්. මේ වගේ දුර්වල රජයවලින් මේ ප්‍රශ්න විසඳන්න බෑ.