IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ලෝක ආහාර වැඩසටහන හදිසි මානුෂීය ආධාර වැඩසටහනක් අරඹයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ උත්සන්න වන ආහාර අර්බුදය හමුවේ ලෝක ආහාර වැඩසටහන හදිසි මානුෂීය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගැබිණි මවුවරුන් වෙත ඊයේ (16) ආහාර වවුචර්පත් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර සපයා ගැනීමට නොහැකි දැඩි අවදානමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 30 කට පමණ ආහාර වවුචර්පත්, ආහාර හෝ මුදල් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවත් ජූනි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ 30ක ජනතාවකට ආධාර ලබා දීම සඳහා  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 60 ක මුදලක් අවශ්‍ය බවට ගණන් බලා ඇති බවත්  ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

ලෝක ආහාර වැඩසටහන මගින් ලබාදෙන මාසික වවුචර්පත රුපියල් 15000 ක, වටිනාකමින් යුක්ත වන අතර එය ගැබිණි මවුවරුන් 2000 කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය ආහාර ලබාගැනීමට ප්‍රයෝජනවත් වනු ඇතැයි පැවැසෙයි.ශ්‍රී ලංකාවේ මැයි ආහාර උද්ධමනය සියයට 57.4 ලෙස සටහන් විය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල හිඟය හේතුවෙන් දුප්පත් පවුල් ආහාර ලබාගැනීමට නොහැකිව අසීරුතාවයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 22 කට ආහාර සුරක්ෂිතතාවයක් නොමැති වීම හේතුවෙන් සහාය අවශ්‍ය බවත් ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

එසේම එළවලු,පළතුරු සහ ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම අඩු අදායම්ලාභී පවුල් වලට ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.

ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂණයකට අනුව සියයට 86 ක් පවුල් වත්මන් අර්බුදයට  මුහුණ දීම සඳහා ආහාරයට ගන්නා ප්‍රමාණය අඩු කිරීම,පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කිරීම හෝ ආහාර වේලක් නොගෙන සිටීම සිදු කරන බව හෙළිවී ඇත.

"ගැබිණි මව්වරුන් සෑම දිනකම පෝෂ්‍යදායි ආහාර ලබා ගන්න ඕනේ නමුත් දුප්පත් පවුල් වලට ඒ දේ සිදුකිරීමට අපහසුයි.

ආහාර වේල් මග හැරීමෙන් කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍යයත් අවදානමකට ලක් කරනවා"ලෝක ආහාර වැඩසටහනේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඇන්තියා වෙබ් පැවසුවාය.



අදහස් (5)

ලෝක ආහාර වැඩසටහන හදිසි මානුෂීය ආධාර වැඩසටහනක් අරඹයි

A.P.D. ලසන්තා ශ්‍යාමලී Friday, 25 November 2022 06:31 PM

හැම දෙයක්ම දෙන්නේ එක්තරා කොටසකට විතරයි. නැති මනුෂ්‍යයන්ට මුකුත්ම නෑ. ජීවිතේ ගොඩක් අමාරුවෙන් ගෙවන අසරණ, නිහඬ මිනිසුන් ගොඩක් ගම්වල ඉන්නවා. ඒ අය අපට දියව් කියලා ඉල්ල ඉල්ලා කෑ ගහන්නේ නෑ...

:       1       1

Nimal Sunday, 27 November 2022 08:41 AM

මගේ පවුලේ දරුවන් 4 දෙනෙක් ඉන්නවා 3දෙනෙක් පාසල්යනවා අපිදෙන්නයී මගේ තාත්තායී7දෙන්යී මමඉතාමත් දුප්පත් මට කිසිම ආධාරයක් නැද්ද

:       0       0

එස් ජී නිමල් Sunday, 27 November 2022 08:48 AM

මගේ පවුලේ හත් දෙනෙක් ඉන්නවා තුන් දෙනෙක් පාසලට යනවා මගේ අතත් කැඩිලා කකුලක් කැඩිල මට හරිහමන් ජොබ් එකක් කරගන්නත් බෑ අම්මා නැති වුණාට පස්සේ තාත්තා මා ළඟ ඉන්නේ මට කිසිම ආධාරයක් නෑ මම ඒ දේ එදාට කොහේ හරි ගිහින් කීයක් හරි හොයාගන්නවා ඒක මගේ රෑ කෑමට වත් පාසල් පොත් ගන්නත් මදි මට කෑමට බීමට හරි කිසිවක් ලැබුණේ නෑ

:       0       0

ආර්.ජී විනොදනි විමලසේන Thursday, 29 December 2022 08:53 PM

බොහොම නිහතමානීව කාටවත් කරදරයක් නොවී බොහෝම අමාරුවෙන් එදා වේල පිරිමහගන්න අහිංසක මිනිස්සු ගම් ඇතුලේ ඕනෑතරම් ඉන්නවා. රජයේ නිලධාරින් මැදිහත් වුණත් මොන රාජ්‍ය නොවන සංවිධාන ආවත් ආධාර හරි ලැබෙන මොන දේ හරි ලැබෙන්නේ සීමිත කොටසකට විතරයි. ඒවා හරි අසාධරණයි. මේ ලෝක ආහාර වැඩ සටහනවත් ක්‍රමවත් වෙන විදියේ වැඩපිළිවෙළක් තියෙනවා නම් හොඳයි. මොකද බඩගින්න කියන එක කාටත් දැනෙන දෙයක්...

:       0       0

K.p.Danushk kumar. Friday, 25 August 2023 07:30 AM

මට (හාල්,පරිප්පු,පොල් තෙල්,)ලැබුනා.නමුත් 17500ක මුදල මට තාම ලැබුනේනැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 216 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site