(ඉන්දිකා රාමනායක)
ගාලු මුවදොර හා අරගල පැවැත්වෙන ස්ථානයේ යතුරු පැදි, ත්‍රිරෝද රථ, ජංගම දුරකතන හා මුදල් සොරා ගැනීමේ සිද්ධින් රැසක් වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
ගත වු මාස 2 ක කාලය තුළ සිදු මේ ආකාරයේ සොරකම් රැසක් සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි ලැබී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
මේ හේතුවෙන් ගාලුමුවදොර හා විරෝධතා පැවැත්වෙන ස්ථානවල සැරිසැරීමේ දී ජනතාව වඩාත් කල්පනාකාරි විය යුතු බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
සොරකම්වලට අමතර ආරවුල්,පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය පවසයි.
පුද්ගලයකු ඊයේ (16) දින පහර කෑමට ලක්ව රෝහල් ගතකර ඇති බවත්, එම පහර දුන් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහි වුවෙක් බවද පොලිසය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ දැන් අරගල කරුවන් නෑ... ඉන්නේ ජෙප්පොයි පුතානෝගේ සෙට් එකකුයි විතරයි..!
JVP අයයි, පෙරටුගාමී අන්තරයයි ඇවිල්ලා නිර්පාක්ෂික අරගලය විනාශ කරලා දැම්මා. VIP තියෙන්න ඕන ඇම්බියුලන්ස් වලට විතරයි කියපු අරගලයේ ඉන්න ජේවීපී නළුනිළි බට්ටන්, රැට්ටන් ටික පල්ලෙකැලේ VIP බොක්ස් ඇතුලේ ඉඳගෙන මැච් එක බලනවා. හොරෙන්ම ගිහිල්ලා දාන්න කියන තැන්වලින් පෝලිම් පැනලා තෙල් ගහලා කෙනෙක් අතේ මාට්ටු. කපල් වලට දැන් ගෝල්පේස් ground එකට යන්න බෑ.. මේ ගෝඨා ගෝ හෝම් ගමේ ඉන්න ජේවීපී කාරයින්ගේ අවසරය නැතිව. ඊළඟට බේරේ වැවේ නාන්නෙ ඔයාලා ටික තමයි.
ජෙප්පොයි, පෙරෙට්ටොයි, එන්.ජී.ඕ කුක්කොයි විතරයි...
එතකොට හොරකම් කරන්නේ ජෙප්පන්ද? නැතිනම් පුතාණෝගේ සෙට් එකද?
හරි හරි දැන් එන්න හදන්නේ රවුමෙන්... පොලිසියට කවුරු හරි කියන්න ඇති මෙහෙම නිවුස් එකක් ඉස්සරලා දාන්න කියලා...
රටටයි, ජනතාවටයි සේවය කරනවා කියලා ජනතාවට පිණ්සෙන්ඩු වෙලා ඡන්දෙ කොල්ලකාගෙන පාර්ලිමේන්තු ඇවිල්ලා ජනාධිපති, අගමැති, කථානායක, මැතිඇමැතිකම් අරගෙන රටේ ජාතික ධනය මහාපරිමාණයෙන් හොරාකන, කප්පම් ගන්න, කොමිස් ගහන, මැරවැඩ, ජඩවැඩ, පාතාල ක්‍රියාකාරකම් කරන, අතුරුදහන් කිරීම කරන, පාර්ලිමේන්තුව ඇතුළේ මිරිස්කුඩු ගැසීම් කරන, සුනාමි ආධාර මුදල් තමන්ගේ ගිණුම් වලට හොරෙන් බැරකර ගන්න, රටේ කෑලි විකුනං කොමිස් කන, යුද්ධය විකුණගෙන කාපු සහ පාර්ලිමේන්තුවට වෙලා බොරු කිය කියා ඇවිද ගන්නවත් පණනැතිව තවමත් රාජ්‍ය දේපළ අවභාවිතා කර කර ඉන්න කාලකණ්නි දේශපාලුවන් රටම ගසාකන කොට ඕවා එච්චර දේවල්ද?
නියමයි, ඕවට යන අයට හොඳ පාඩම්... අන්තරේ සල්ලි ඉල්ලගන්න නැතිවෙච්චි බඩුවලට.. පොලිසියේ අය පැමිණිලි බාර නොගෙන හිටියොත් හොඳයි. අන්තරේ විසඳයි.
ඔතන කොහෙද අරගල කරුවෝ ඉන්නේ? ඉන්නේ උගත් කමක් නැති, රැකියාවක් කරන්න සුදුසුකමක් නැති අරගල කුඩ්ඩන්.. කොහෙන් හරි හම්බවෙන දෙයක් කාලා, අහුවෙන දෙයක් හොරා කාලා, අහවල් පක්ෂෙට කඩේ යන එක තමයි එයාලගේ ජොබ් එක..
ජොබ් එකක් නැති කුඩු කාරයින් තමයි ඔතන එදත් හිටියේ. වැඩක් ඇති දෙයක් කෙරුවා නම් මේ වෙනකොට. ගොඩක් ජයග්‍රහණ ගන්න තිබුණා. කුඩුගහන, රස්තියාදු කාර අප්පච්චිලා කොහේද බං අරගල කරන්නේ...? හොරු, මංකොල්ල කාරයෝ වැහි වැහැලා...
ඔව් අරගල භූමියේ මොනම හොඳ දෙයක්වත් වෙලා නැතිද? ඕකට රිංගා ගත්තු එකෙක් දෙන්නෙක් කරන ඒවාට අරගලයට හදවතින්ම සහායදෙන අයට මඩ ගහන්නේ රාජපක්ෂවරු තවමත් මේ රට ගලවා ගනීවි කියලා බලාගෙන ඉන්න තකතීරුවන් මිසක් අවංක අය නෙවෙයි. අරගලය නැති වුණා නම් තවමත් රාජපක්ෂවරු රටේ පිනුම් ගහනවා අපි තමයි රට ගලවාගන්නේ කියලා, අරගලයට ජයවේවා...!!!
මේ ප්‍රවෘත්තිය මත අරගල කරුවන්ට දොස් තියන අයට කියන්න තියෙන්නේ ඔබ තවමත් රාජපක්ෂවරු රට ගොඩදාවි කියලා හිතාගෙන තෙල්, ගෑස් පෝලිම්වල ඉන්න කියලා, තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය නැති කළා. සුද්දන්වත් එහෙම කළේ නැහැ...
අරගලය, අරගලකරුවන් අතින් අභාවයට ගිය හැටිබලා අපි සතුටුවෙමු. තව අවුරුදු 3 ම කෑ ගහගහ ඉන්න. ආණ්ඩුව සතේකට මායිම් කරන්නේ නැහැ. අපිටත් කිසිම අමාරුවක් නැත. කන්න බොන්න දෙන්නේ අපි නොවෙයිනේ...!
අරගලය සාර්ථක වුණා නම් රටට වෙන්නෙත් මේක තමයි. නීතිය පහළට ගිහින් මැරයින් රජවෙනවා. කත් ඇද්ද අයට අනේ අපොයි කියැවෙනවා...