
(ඩයනා උදයංගනී)
වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් නොමැති බවත්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ නම් රටේ අර්බුද කෙටි කාලකින් විසඳිය හැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ආණ්ඩුවේ ඇතැමුන් හෙට වෙන ආණ්ඩුවක් ආවොත් මේ ප්‍රශ්න විසඳෙනවාද කියා ප්‍රශ්න කරන බව කී හිටපු ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර 15ක පමණ ඇමති මණ්ඩලයක් පත්කිරීම හා මහ මැතිවරණයක් පවත්වන කාලයක් නියම කර ඉදිරියට ගියහොත් ජාත්‍යන්තරයේ සහය ගත හැකි බව සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවට රට තුළ ප්‍රසාදයක් හා විශ්වාසයක් නැති අතරම, ඔවුන් පසුගිය අවුරුදු තුනක කාලයේ කටයුතු කළ ආකාරය නිසා අන්තර්ජාතික වශයෙනුත් විශ්වාසයක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ වැදගත්කම කිහිප අවස්ථාවකදීම කතා කළ නමුත් ජනාධිපතිවරයා එයට සුබවාදී ප්‍රතිචාර නොදැක්වූ බව ද හෙතෙස පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වත්මන් ආණ්ඩුව දවසින් දවස රට අමාරුවට පත්කරමින් සිටින බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිවරයා හා අගමැතිවරයා වරින් වර වෙන වෙනම මැති ඇමතිවරු හා නිලධාරීන් කැඳවමින් සාකච්ඡා කරන ආකාරයෙන්ම දෙදෙනා අතර සම්බන්ධතාවයක් නැති බවත් පැහැදිලි වන්නේ යැයි ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා තනතුර භාරගෙන නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළ බවත්, නිර්පාක්ෂික ආණ්ඩුවකින් ගැටලු විසඳෙන්නේ නැති නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ජාත්‍යන්තර සහයෝගය ගෙන රට ගොඩගැනීමට ක්‍රියා කරන්නැයි තමන් අගමැතිවරයාට දැනුම් දුන් බවත් හෙතෙම කීවේය.
ජපානය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් උදව් කළ රටක් නමුත් වර්තමානයේ දී එරට සමඟ ඇති ද්විපාර්ශවික සම්බන්ධතා බිඳවැටී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෙරටට නොමැති තෙල්, පොහොර, කෘමිනාශක, ගෑස් ආදී සියල්ල රුසියාවට ඇති නමුත් එරට ගුවන් යානයක් සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් රුසියාව ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බව ද පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඔස්සේ රට ගොඩගැනීමේ වැඩපිළිවෙලකට යා යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ද පැවසීය.
ජපානය, බටහිර රටවල්, රුසියාව, ඇමෙරිකාව වැනි රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ තමන් සාකච්ඡා කළ බවත්, ඔවුන් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට උදව් කරනු ඇති බවත් හෙතෙම කීවේය.
සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ඇති කළහොත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් එක්වී අග්‍රාමාත්‍යධූරයට අයකු පත් කළ යුතු බවත්, දේශපාලන පක්‍ෂවලින් එක් නියෝජිතයෙක් බැගින් ඇමති මණ්ඩලයට ආ විට අද තිබෙන චෝදනාත් නැති වනු ඇති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් නොදන්නවා වගේ හැසිරුණාට මෙරට සිටින සියලු දෙනා දන්නවා අද තියෙන ප්‍රශ්නවල මුල කවුද කියලා. දැනට සිටින ජනාධිපති පදවියේ වැඩබාරගනිද්දී ඉඟිකළේ කවුද කියලත් දන්නවා. හොඳම දේ නම් ‘‘අනිච්ඡාවත සංඛාරා‘‘ කියන එක...
හිටන් හුටන්ගේ කෙරුවාව අපිට ඇතිවෙලා.. පොළොන්නරුවේ ගිහින් කුඹුරක් කොටන්න..
මේ තත්වයට රට ඇද දැමූ හොරුටික එකතුවෙලාද රට ගොඩගන්න යන්නේ..,! අනේ සිරෝ මට නම් හිනාවෙන්න තැනක් නෑ ගොයියෝ...
මෛත්‍රීපාල සිරිසේනට ජනතාව බලය ලබා දුන් වෙලේ ඒදේ ඔහු හරියට නොකොට, ජනතා මතයට හා ඔහු බලයට ගෙනා අයටද පයින් ගසා, හොර ආණ්ඩු හදලා, එය ගරු අධිකරණයේ තීරණයෙන් පසු වෙනස්වී ගියා. ඒත්, නැවතත් රාජපක්ෂවරුන්ට බලය ලබා ගැනීමට හැකි තරම් යටි කූට්ටු වැඩ කළා.ඒවා ජනතාවට අමතක නැහැ.රට මේ අගාධයට ඇද දැමූ රාජපක්ෂ පාලනය ගෙනඒමට උදව් කළ සිරිසේනත්,මේ සියලු දේවල් වලට වගකිව යුතුයි.දැන් මේ සර්ව පාක්ෂික ආණ්ඩු හදන්නට වෙර දරන්නේ, සියලුම හැත්ත බුරුත්ත පිටින්ම බලයේ රැඳී සිටිමින් රටේ ඉතිරි ටිකත් කාබාසිනියා කර දමන්නයි. දැන් රටට අවශ්‍ය වන්නේ, රට කෑ අය කරනා පාලනයක් නොවේ. වෙනත් දෙයකි...
එතකොට ඩොලර් වැක්කෙරෙනවා. උතුරනවා කියලා හිතමු. හිතීමේ, කතා කිරීමේ නිදහස තිබුණු පළියට ඔහොම කියන්න හොඳ නැහැ.
ඔබ දැනටමත් කරලයි තියෙන්නේ... දැන් කට වහගෙන ඉන්න..
ඔයා කරපු හැටි අපි දන්නවා. දැන් පැත්තකින් ඉන්න...
අනේ ගෙදර ඉන්න...
රටේ ප්‍රශ්න කවදාකවත් සර්ව පාක්ෂික රජයකට විසඳන්න බැහැ.
ඔය මොනවා කිව්වත් යාලු ප්‍රජාවට ඕනෑ රටේ මිනිස්සුන්ගේ බොටුව මිරිකලා රූකඩ ආණ්ඩුවක් පිහිටුවන්න. මේ තරම් කල් කුරුමාණම් ඇල්ලුවේ ඒකටයි.
සර්ව පාක්ෂික නාඩගම පෙන්නලා ඉවරයි. දැන් හැමෝම සුබ සහ යස නාඩගම බලන්න සූදානම් වෙන්න...