බට නඩුවෙන් කෙහෙළිය නිදහස්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මුදලින් ජී.අයි පයිප්ප 600ක් මිලදීගෙන රුපියල් නව ලක්ෂ අනූදහසක මුදලක් ආණ්ඩුවට පාඩුකර අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිණී සංස්ථාවේ හිටපු සභාපති සහ එම සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ අල්ලස් නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (15) නියෝග කළේය.