පර්පචුවල් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කරන්න යෝජනාවක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන වසර සඳහා(2022) අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 12 November 2021
ත්‍රිරෝද, බස්, පාසල් බස් හිමියන්ට සහන පාසල් බස් සහ වෑන් රථ හිමියන්ට සහන සැලසීම සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 400ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2021
‘ නුවරඑළිය අපදාවෙන් තොර කළාපයක් කරනවා ’ නුවරඑලිය ප්‍රදේශය ආපදාවෙන් තොර සංචරක කලාපයක් බවට පත් කිරිමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසිය. 12 November 2021
යුගදනවි පෙත්සම්වලට පූර්ණ විනිසුරු මඩුල්ලක් කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපතිවරයා අද (12)ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 12 November 2021
අන්තර පළාත් බස් සියයට 50ක් දැන් වැඩ අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක් පමණ මේ වන විට සේවයේ යොදවා තිබූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 12 November 2021
තම සිරුරේ අසභ්‍ය දර්ශන කාන්තාවට යැවූ විවාහකයා අල්ලයි කාන්තාවන්ගේ ජංගම දුරකතනවලට අසභය දර්ශන යැවූ බව කියන පුද්ගලයෙක් කහවත්ත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 November 2021
අංගොඩ ඝාතනයට කාන්තාවන් දෙකක් අල්ලයි අංගොඩ මීගහවත්ත නිවසට පසුගිය 26 වැනි දා පැන වෙඩි තබා අංගොඩ ලොක්කාගේ සමීපතමයකු බව කියන පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 12 November 2021
ආරවුල මරණයෙන් කෙළවර වෙයි අසල්වැසි නිවැසියෙකු රවා බලා කෙළ ගැසීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි නිවැසියාගේ තල්ලු කිරීම නිසා කාන්තාවක් මිය ගොස් ඇතැයි මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි. 12 November 2021
මුතුරාජවෙල ගැටලුව විසඳන්න ඇමැති කමිටුවක් මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට මැති ඇමැතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 12 November 2021
කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල වසා ඇති බව සෞඛ්‍ය අංශ අද (12) සඳහන් කරයි. 12 November 2021
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 November 2021
කාබනික පොහොර වගාකරන ගොවීන්ගෙන් චෝදනාවක් කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන සිදු කිරීමට රජය හදුන්වා දුන්නත් එම පොහොර යෙදීම සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය දැනුම ලබා නොදුන් බව මැදිරිගිරියේ ගොවීහු චෝදනා කරති. 12 November 2021
නාකොටික් මත් ජාවාරමුන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නිදහස මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාර නාකොටික් නිලධාරීන්ට හෙරොයින් ඡාවාරම සඳහා ගිනි අවි සහිත ආරක්ෂාව සැපයූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වසර එකහාමාරකට ආසන්න කාලයක් එහි රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක කේ. අජිත් ප්‍රේමලාල් නැමැත්තා එම නඩුවෙන් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා නියෝග කළේය. 12 November 2021
ආයෝජනය මණ්ඩලයට අලුතින් ගත් හතකට සුපිරි වැටුපක් දීලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බදවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඉන් හත් දෙනකු අධික වැටුප්වලට දැනටමත් බඳවා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) පවසයි. 12 November 2021
පොහොර ගැටළුවට සද්ධයක් දමන්නැයි විපක්ෂ මන්ත්‍රීට කියපු ලොක්කා කවුද ආණ්ඩුවේ ප්‍රබලයකුට විපක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරයකු ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී හමු විය. 12 November 2021
කෙහෙළියගේ යෝජනාව ජනපති ඉවත දමයි ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම යෝජනා කර ඇතත් ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 11 November 2021
රුවන්ගේ සහාය සජබෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ඉදිරි දේශපාලන කටයුතු සඳහා සමගි ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත. 11 November 2021
එළවළු මිල දිනෙන් දින ඉහළට එළවළු, කුළුබඩු, කරවල, මාළු සහ පළතුරු ඇතුළු සියලුම එදිනෙදා පාරිභෝජන භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. 11 November 2021
කන්ටේනරයක දිවි ගෙවූ පවුලක් පන්නා කන්ටේනර් පෙට්ටිය උස්සන් ගිහින් කොල්ලුපිටියේ පිහිටි ඉඩමක කන්ටේනර් පෙට්ටියක පදිංචිව සිටි පවුලක් අද (11) අලුයම බලහත් කාරයෙන් පන්නා දමා ඔවුන් පදිංචි කන්ටේනර් පෙටිටිය රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 November 2021
ගංවතුර පහව යයි දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබූ ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 11 November 2021
මහජන ආරක්ෂක ඇමැති එක්ක ප්‍රසිද්ධ විවාදයකට සූදානම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) පැවසීය. 11 November 2021
හිටපු ජනපති පක්ෂ 31 ක නියෝජිතයන් එක්ක සාකච්ඡාවක එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් එහි නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේදී අද (11) පැවැත්විණි. 11 November 2021
රෝන්ග් සයිඩ් ආ කැබ්රිය 4 කට තුවාල කරයි ගම්පහ, මිරිස්වත්ත හන්දියේ සිට ගම්පහ දෙසට පාරේ විරුද්ධ දිසාවෙන් ධාවනය වූ කැබ් රියක් වාහන හතරක ගැටී නිවසක් තුළට කඩා වැදීමෙන් සිවු දෙනෙක් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. 11 November 2021
අලුත් ආසාදිතයෝ 527 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 527 දෙනකු අද (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 November 2021
කොරෝනා මරණ 19 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 November 2021
යූරියා ගෙන්වන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 11 November 2021
ගංවතුරට අසු වූ ප්‍රා.ලේ කාර්යාලයේ ලිපි අව්වේ දමා වේලයි වනාතවිල්ලුව සමනල විල්ලුව පිටාර ගැලිම හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ලිපි ලේඛණ ඇතුලත් ෆයිල් 600 ක් ජලයට අසුව ඇතැයි ප්‍රදේශීය ලේකම් එස්.එම්.පි. නන්දසේන මහතා පවසයි. 11 November 2021
පෞද්ගලික අංශයේ විශ්‍රාම කාලය දික් කිරීමේ යෝජනාව සම්මතයි පෞද්ගලික සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන සැලසෙන සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. 11 November 2021
කොළඹ - මහනුවර බස් ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලිමක් නායයෑමේ අවධානමක් හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීම නිසා බස් මාර්ගය වෙනස්වීම පිළිබඳව සළකා බස් ගාස්තුව ඉහළ දැමීමට එම මාර්ගයේ බස් හිමියන් ඉල්ලීමක් කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 November 2021
විදුලි සැර වද්දවා අලි දෙකක් මරලා තඹලගමුව ගල්මැටියාව උතුර උල්පත්වැව රක්ෂිත මායිමේ විදුලිසැර වද්දවා මරා දැමුණු වල්අලි මළ සිරුරු දෙකක් අද සොයාගත් බව පොලිසිය පවසයි. 11 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026