වාරියපොළ ප්රාදේශීය සභාවේ අය වැය ආණ්ඩුපක්ෂය පරදි
2022 වසර සදහා වාරියපොළ ප්රාදේශීය සභාවේ අද (12) ඉදිරිපත් කළ අයවැය ඡන්ද තුනකින් පරාජයට පත්විය. සභාපති ඩී.එම්.ටී. බී. දිසානායක මහතා විසින් මහ සභාවට අයවැය ඉදිරිපත් කළේය. එහිදී එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු අයවැය යෝජනාවේ අඩුපාඩු පෙන්වා දෙමින් කතා කළහ.