(අජන්ත කුමාර අගලකඩ)
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20)රාත්‍රියේ අනුමැතිය දුන්නේය.
ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි .
ඒ අනුව අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.
දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ විසිඑක්වැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කිරීම නව පනත් කෙටුම්පත මගින් සිදු කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම වැඩකරනවා නම් ගොඩක් රට ඉන්න සේවකයෝ උත්සාහ කරනවා ඩොලර් ලංකාවට එවන්න. මොකද මව්රට නිසා. නමුත් දේශපාලකයින් ඉක්මණින්ම යායුතුයි, මේ රට තවත් විනාශ කරන්නට ඉඩ නොදී...
ඊළග ජනාධිපතිවරයාට බලපාන පරිදි මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න සුදානම් වන බවක් තමයි වාර්තා වෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයා පිස්සු නැටුවා කියලා ඊළග ජනාධිපතිවරයාට දඬුවම් කරන්න පාර්ලිමේන්තුව හෝ කැබිනට් එකට ඇති අයිතිය මොකක්ද ? ඒ නිසා මේ 21 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය ගෙනෙනවානම් වර්තමාන ජනාධිපතිවරයාටද බලපාන පරිදි ක්‍රියාත්මක වන ආකාරයට ගෙන ආ යුතු අතර එසේ නොවන්නේ නම් ඩීල්දාසලගේ ගේම් වලට රටේ මහජනතාව ඉඩ නොදිය යුතුයි.
ඡන්ද දායක රටවැසියන්ට විස්තර නොකියන්නේ මේ ව්‍යවස්ථාවෙන් පස්සේ ඔවුන්ගෙන් වැඩක් නැතිව ඇති... ඒකයි..!
කැබිනෙට්ටුව අනුමත කළේ කවුද?
දැන් පෝලිම් ටික ඉවරවෙයි..
ආරංචියේ හැටියට 21 නීති ඔක්කොම බලපාන්නේ ඊළඟට එන ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුවටලු.., රටේ ඔක්කෝම ප්‍රශ්න ඇති කරපු ගොබ්බසේනට ඕකේ කිසි බලපෑමක් නැතිවෙන විදිහට ඩීල් දාස ඕක හදලා තියෙන්නේ...!