‘‘සජබ උත්සහායට අප ඉඩ දෙන්නේනෑ‘‘ සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා.ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්න ද ? රටේ ජනතාවට සෙත සලසන්න ද ? නැහැ රෝගය ව්‍යාප්ත කරලා නැවත වතාවක් මේ රට අගාධයට පත් කරන්න .ඒකට අපි පොලිසිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ . 14 November 2021
ශ්‍රී ලංකන් නංවන්න නව නිලධාරියෙක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නටාල් මහතා පත් කර ඇතැයි එම සමාගම අද නිවේදන කළේය. 14 November 2021
බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය. 14 November 2021
මේක පතෝල අයවැයක් ආණ්ඩුවේ අයවැය පතෝල එකක් බව නාරාහෙන්පිට අබයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ. 14 November 2021
කොත්මලේ ගමක් නාය යෑමේ අවදානමක්:පදිංචිකරුවන් ඉවත් කරයි නායයාමේ ලක්ෂණ මතුවිම නිසා කොත්මලේ කොටගපිටිය ගම්මානයේ පදිංචි පවුල් 20 ක් පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 14 November 2021
පාර කැඩිලා මාසයයි තවමත් එහෙමමයි කඩවත මංකඩ පාරේ කොටසක් ගිලා බැස මසකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පිළිසකර කර නැතැයි රියදුරෝ පවසති. 14 November 2021
ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන දිවි ගමනට සමු දෙයි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අභාවප්රාත්ත විය. කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට අවුරුදු 58 වැනි වියෙහි පසුවිය. 14 November 2021
මාළු අල්ලන්න ගිහින් ජල පහරට අසු වෙයි අයහපත් කාලගුණය නොතකා කොත්මලේ ඔය ආශ්‍රිතව මසුන් මරමින් සිටියදී ජල පහරකට හසුව සිරවී සිටි පුද්ගලයකු හමුදාව විසින් අද (14) දහවල් බේරාගත් බව යුද හමුදාව පවසයි. 14 November 2021
කුරුණෑගල නගර සභාවේ වැඩ කෝපා කමිටුවේදී එළියට කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් භූමියේ ව්‍යාපාරිකයන් 31 දෙනකුට කඩ කාමර 31 ක් පෞද්ගලික වියදමින් ඉදි කර ගැනීමට අවසර ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී(කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 14 November 2021
මන්ත්‍රී විරසුමන 65 සීමාවට අසතුටෙන් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිය අප්‍රසාදය පළ කරයි. 14 November 2021
හෙක්ටයාර් 2 කට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 14 November 2021
‘‘මත් ද්‍රව්‍ය ඇල්ලූ ගමන් විනාශ කිරීමේ නීති සකස් කරනවා‘‘ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් වහාම අධිකරණයට ඉදිරිපත්කර එම මත්ද්‍රව්‍ය සාම්පල කිහිපයක් තබාගෙන මත්ද්‍රව්‍ය විනිසුරුවරයා ඉදිරියේම විනාශ කිරීමට අවශ්‍ය නීති අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව එකතුව සකස් කරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 14 November 2021
දුම්රිය ධාවනය වේයන්ගොඩට සීමා වෙයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ පල්ලෙවෙල යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් දුම්රිය ධාවනය වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (14) පස්වරුවේ පැවසීය. 14 November 2021
ත්‍රීරෝද රියෙන් පැමිණ පාරේ සිටි අයකුට තියුණු ආයුධයකින් පහරදී පලා යයි ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මඩපාත පොල් හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. 14 November 2021
අද දවසේ කාලගුණය සබරගමුව, වයඹ, උතුරු සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 November 2021
දුම් බෝම්බයක් සමඟ හිටපු කර්නල් අල්ලයි පාදුක්ක අරුක්වත්ත නිවසකදී මෝටාර් උණ්ඩයක් සහ දුම් බෝම්බයක් සමඟ යුද්ධ හමුදා විශ්‍රාමික ආබාධිත කර්නල්වරයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි 14 November 2021
රන් සොයා කැනීම් කළ හයක් පොලිස් දැලේ යුද සමයේ වල දමා ඇතැයි කියන රත්තරං සෙවීම සඳහා මන්නාරම ඔළුතුඩාව ප්‍රදේශයේ කැණීම් කරමින් සිටී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 November 2021
වික්ටෝරියා වේල්ල වීඩියෝ කළ තුනක් මාට්ටු වික්ටෝරියා වේල්ල සහ හතර වන බල ඇණිය යාන්ත්‍රික රෙජිමේන්තු කඳවුර ප්‍රදේශය අවසරයකින් තොරව ඩ්‍රෝනා යානාවකින් වීඩියෝ ගත කළ කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. 14 November 2021
වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක් වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවැසීය. 14 November 2021
තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 13 November 2021
කොරෝනා ආසාදිතයන් 716 අද කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 204 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 716 කි. 13 November 2021
රාජ්‍ය සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් දෙන්න බඩු මිල ඉහළ ගොස් ඇති හෙයින් රාජ්‍ය සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් කෙටි කලකට හෝ ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 13 November 2021
ජාතික විගණන වැඩසටහනට මුදල් කාරක සභාවේ අනුමැතිය ජාතික විගණන කාර්යාලයේ 2022 වසර සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අද (13) අනුමත විය. 13 November 2021
කොළඹ - මහනුවර මාර්ගය ගැන පරීක්ෂණ වාර්තා සදුදා? කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ පරීක්ෂණ රැසක් මේ වන විට සිදුවෙමින් පවතින බවත් මාර්ගය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබන සදුදා දින කිරීමට බලාපොරොත්තු වන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා අද (13) පස්වරුවේ පැවසීය. 13 November 2021
’’විපක්ෂය පම්පෝරි ගැහුවත් අයවැය ගෙනාවේ අර්බුද තුනක් තිබියදී’’ විපක්ෂය අද මොන පම්පෝරි ගැහුවත් මුදල් ඇමැතිතුමා මේ අයවැය ගෙනාවේ රටේ අර්බුද තුනක් තිබියදී යැයි කිසිවකුත් අමතක නොකළ යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 13 November 2021
’’ජනපති-මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන අනාවරණයක්’’ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුපක් ලැබීමට වසර දහයක් සේවය කළ බවටවූ යෝජනාව ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයේ සිටින තරුණ මන්ත්‍රීවරුන් බවත් තමා ඒ මන්ත්‍රීවරුන්ට ගරු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 13 November 2021
යුදගනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව මහජනසභාව රටපුරා යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් දා කොළඹින් ආරම්භ කළ ’’මහජන සභාව ’’රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ . 13 November 2021
විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක් ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. 13 November 2021
’’රාජ්‍ය සේවය අපට බරක් ’’ රාජ්‍ය සේවකයින් සඳහා තව වර්ෂයක් යනතුරු රජයට තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 13 November 2021
’’උද්ඝෝෂණ වෙනුවට වර්ජනයකට යනවා’’ කොවිඩ් නීතිය ’ කොවිඩ්’ පාලනයට වඩා වඩා පාවිච්චියට යොදා යොදාගතහොත් උද්ඝෝෂණ වෙනුවට වැඩවර්ජන කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 13 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026