
(යොහාන් භාසුර)
පෑලියගොඩ පළතුරු වෙළෙපොලේ ඉතිරි පළතුරු සහ කැළිකසල මාස දෙකකට ආසන්න කාලයකින් ඉවත් නොකිරීම නිසා එම පරිශ්‍රය තුළ කුණු කඳු ගොඩගැසී තිබේ.
එම පරිශ්‍රය තුළ ගොඩගැසී ඇති කුණු කඳු හේතුවෙන් දැඩි දුගඳක් හමන බවත් මෙම තත්වය වෙළෙදුන් සහ පාරිභෝගිකයන් යන දෙපිරිසගේම සෞඛ්‍යයට තර්ජනයක් බවත් පෑලියගොඩ තොග වෙළෙඳ පරිශ්‍රයේ නිලධාරියෙක් පැවසීය.
කොළඹ මහ නරග සභාවට කුණු රැගෙන යෑම සඳහා ටැක්ටර්වලට ඉන්ධන නොමැති වීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් ජීව වායු නිෂ්පාදනය කරන්න පුළුවන් නේද?
අලි-පොහොට්ටු ආණ්ඩුවත් එක තැන පල්වෙමින් මුළු රටම ගඳගස්සන තැනට පත්වෙලා අද වෙනකොට...
හොඳට තිබිච්චි රට මේ තත්වයට පත්කරපු අයට නම් හෙණ 7 ම වදිනවා.
"කොළඹ මහ නරග සභාවට කුණු රැගෙන යෑම සඳහා ටැක්ටර්වලට ඉන්ධන නොමැති වීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය." පෑලියගොඩ කවද්ද කොළඹ මහ නගර සභාව යටතට පත්වුණේ. එතන ඉන්න මේ වගේ මන්ද බුද්ධික නිලධාරීන් නිසා තමයි මේ කුණු ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ. පෑලියගොඩ නගර සභාවට කතා කලා නම් කුණු ටික අයින් කරයි. කතා කරලා තියෙන්නේ කොළඹ මහ නගර සභාවට නේ ඉතිං. තම බල ප්‍රදේශයේ පිට කුණු එකතු කිරීමට බලයක් කොළඹ මහ නගර සභාවට නොමැති නිසා කුණු එකතු වී ඇත.
අනේ ඔය කුනුකද හොදින් රැකබලා ගන්න , ඔව තමයි අපිට හෙට අනිද්ද වෙනකොට ආහාරයට ගන්න සිද්ද වෙන්නෙ ..