
පෝලිම් පමණි තෙල් නැත ගැනුමට ඇවිද
යාමට පාසලට මගකුත් නැති වුවද
වෙහෙසෙන දරු පැටවුනගෙ සිප් සත ගැන නිබඳ
මේ වැනි දිසාපාමොක්ලා කොහි වෙයිද?
පද : ආරියසේන හඳුවල
(පියදාස සමරවීර)
උග්‍ර පෙට්‍ල් හිඟය නිසා පාසල් යාමට ප්‍රවාහන පහසුකම් නොමැති සිසු දරුවන් සමග කිලෝමීටර 15 - 16 අත්ට්‍රැක්ටරය පදවාගෙන පාසල් යන ගුරුවරයකු පදවිය මෛත්‍රිපුරින් අපට 20 දා අනාවරණය විය.
පදවිය ඩී 10 මෛත්‍රීපුර පදිංචිව කිලෝමීටර 16 ක් දුරින් පිහිටි අලිවංගුව අභයරාජ ප්‍රාථමික විදුහලේ සේවය කරන උපුල් ඒකනායක මහතා මෙම කාර්යයේ නියුතු සිටියි.
ඩී 10 ගමේ අලිවංගුව අභයරාජ ප්‍රාථමිකයේ හා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 20-25 ක් පමණ අත් ට්‍රැක්ටරයේ නංවාගෙන පාසල බලා පිටත් වෙයි.
"ඇත්තටම මම වෙනදා පාසල් ගියේ යතුරූපැදියෙන්. නමුත් කාලයක් තිස්සෙම පදවියේ පෙට්‍ල් නෑ. ඉතින් පාසල් යන්න ක්‍රමයක් නෑ.අපේ ගමේ දරුවන් 25 ක් විතර අලිවංගුව පාසල් දෙකට යනවා. ප්‍රාථමික වගේම ඉහල පංතිවල ළමයි ඉන්නවා.
අත් ට්‍රැක්ටරයේ එන්ජිම එක්කෙනකුගෙන් හා ට්‍රේලරය තවත් අයකුගෙන් ඉල්ලා ගත්තා.මොකද ඩීසල් ටිකක් තිබුණා.ඉතින් මාපියන්ගේ කැමැත්ත ඇතිව දරුවන් රැගෙන, මමත් උගන්වන්න යන්නේ අත් ටැක්ටරයේ.මොන බාධක මැද හරි අපි අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යූතුය යැයි ද උපුල් ඒකනායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම වැඩ වරා දරුවන් ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන වෘත්තිය සමිති නැමති මඩ වලේ එරී සිටින ගුරු රැකියාව කරන්නන් අතර මෙවැනි වන්දනීය ගුරු පියවරුන් සිටීම ගැන සතුටුයි.
මෙන්න නියම ගුරුපියෙක්. මැතිතුමනි, මේ පුංචි පැටවුන්ගෙන් ඔබතුමාට මල්මාලා වැටේවි. නමුත් ස්ටාලින්ගෙන් සහ ඒ මගයන ගුරු මුදලාලිලාගෙන් ගල් මුගුරු ඒවි... එසේ වුවත්, දුෂ්කර ගමන් මාර්ගයේ තවත් ඉදිරියට යාමට ඔබතුමාට තවතවත් ධෛර්යය, ශක්තිය ලැබේවා!
ඔබ වැනි පරාර්ථකාමී ආදරණීය මිනිස්සුන්ට සසර වසන තුරු කිසි කරදරයක් වෙන්න එපා. ඔබේ දරුවන්ටත් ආශිර්වාදයක්ම වේවා.
ඒ වුණාට උසස්වීම්, වරප්‍රසාද ලැබෙන්නේ හෙංචයියලනේ... මොන ආණ්ඩුව තිබුණත්. මේ වගේ උදවියට ඉතින් කවදා හරි දවසක, ඉගෙන ගත්තු හිතහොඳ දරුවෙකුගෙන් ත්‍යාගයක් ලැබුණොත් තමයි.
ඉන්නවා. කාලයක් මාත් ඡන්දය දුන්නේ ජවිපයට...
මේ වැනි උතුමන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.
මම ගුරුවරයෙක් සමග මේ ගැන කතා කළාම ඔහු කිව්වේ, හැම දෙයක්ම නැතිවෙලා යන අපිට අධ්‍යාපනය විතරක් බේරගන්න බැහැ කියලා තමයි. ඔහු මේ තත්වය සාධාරණීකරණය කළේ. ඔහු කොලඹ ඉතිම උසස් පාසලක ඉගෙන ගත් අයෙකි.
අද රටේ බොහෝ “ගුරුවරු” පුද්ගලික පංති මෙහෙයවමින්, වර්ජනවල නිරතවෙමින් ගුරු වෘත්තිය කෙලෙසමින් ඇති වකවානුවක මෙවැනි ගුරු පියවරුන් අප ඉතාමත් ඉහළින් ගෞරවයට පාත්‍රකළ යුතු නමුත් අවාසනාවකට එය එසේ නොවේ. මෙය ඉතාමත් අවාසනාවන්න කරුණකි. මෙවැනි ගුරු පියවරුන් අප සැවොව මල් කලඹක් පුදකර අගය කළ යුතුය.
ඔබ වැනි මිනිසුන් විරලයි. ඔබ තුමාට හිස නමා ආචාර කරමි. ඔබටත් පාසැල හා ඒ දරුවන්ටත් සුබ පතමි.
මේ ගුරුපියාණන් ඉතාමත් පූජනීයයි. හැබැයි කරුණු හරිහැටි තේරුම් නොගෙන වැඩ වර්ජනය කළ ගුරුතුමන්ලාට මෝඩ කතා කියලා බනින්න කළින් මේ රටේ අද ඇතිවී ඇති තත්වයට ඔබ කොතරම් දුරට දායක වුණාද කියා කල්පනා කරලා බලන්න. අනුන්ගේ වැරැදි දෙසන්න කළින් තමුන් නිවැරැදි තැන ඉන්න.