IMG-LOGO

යලට පොහොර 6 වැනිදා මෙරටට

(ඩයනා උදයංගනී)

යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 65,000 ක පොහොර තොගයක් ලබන මස 6 වැනිදා මෙරටට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන මෙම පොහොර තොගය ඕමානයේ සිට ඉන්දියාවට පොහොර රැගෙන එන නෞකාවෙන් මෙරටට රැගෙන ඒමට නියමිත බව කී ඇමතිවරයා පොහොර තොගය ලැබුණු පසු ඇසුරුම් කර ලබන 15 වැනිදා සිට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඉන්දියාවෙන් ගෙන්වන පොහොරවල ප්‍රමිතිය ගැන ගැටලුවක් ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ ගොවි ජනතාවට හානිකර බාල පොහොර ලබානොදෙන බවත්, ඒවායේ පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවත්ය.

දිව්‍ය ලෝකෙන් අමෘතය ගෙනත් දුන්නත් ලුණු මදි කියන අය මෙන් පොහොරවල ද වැරදි කියන පිරිසක් සිටින බව කී ඇමතිවරයා මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන්නේ ඔවුන් බව ද පැවසීය.

එමෙන්ම පසුගිය දිනවල හරවා යැවූ ප්‍රමිතියෙන් තොර පොහොර නෞකාව වෙනුවට ලැබෙන බව කී ප්‍රමිතියෙන් යුත් පොහොර තවමත් නොලැබුණේ ඇයිදැයි යොමුවූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ එහි මෙරට ලංකාවේ නියෝජිතයා ගෙන්වා මේ ගැන අපි සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එම මුදල අයකරගැනීමට හෝ සුදුසු පොහොර ගෙන්වන ලෙස තමා වගකිවයුත්තන්ට උපදෙස් දුන් බව ද සඳහන් කළේය.



අදහස් (1)

යලට පොහොර 6 වැනිදා මෙරටට

sharm warn Wednesday, 22 June 2022 10:00 AM

ආ... ඇයි දැන් කාබනීකරණය වෙලා ඉවරයිද? බල්ලන්ට රට බාරදුන්නා නම් ඉතින් මැක්කෝ එක්ක ජීවත් වෙන්න වෙනවා කියලා තේරුම් ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site