(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුම්රුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.
මෙම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, විදේශීය මාධ්‍යවේදී මාධ්‍යවේදී රෝයල් රේමන්ඩ්, ප්‍රවීණ පරිවර්ථක ගාමිණී වියන්ගොඩ සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍ර ජයරත්න ඇතු`ථ පස් දෙනකු විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තු මහ ලේකම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ නිතිපතිපතිවරයා ය.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසින් පත් වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූයේ දිවුරුම් දීමක් නොකරන බව ද ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මහතාට ඒක කරන්න දෙන්න ඕනෑ. වැඩේ පටන් ගන්නත් කලින් මොකුත් කියන්න බෑනේ. අපේ රටේ පඳුරකට පයින් ගැහුවොත් සංවිධාන දාහක් විතර විසිවෙයි. මෙව්වා දැන් විකාරයක් වෙලා තියෙන්නේ ...
මහාම පුදුම රටක්!!! අරුම පුදුම නඩු කාරයින් ටිකක්. මේ නඩුවෙන් කියන්නේ මේ පුද්ගලයාට මන්ත්‍රී වරයෙක් වශයෙන් පත්වීමට ව්‍යවස්ථාවේ කොතැනකවත් ප්‍රතිපාදන නැති බවයි. මොහුට විරුද්ධව ඇති චෝදනාත් බොහෝමයක් ඇත. ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම කියනවා මේ... මේ පුද්ගලයින්ට පමණයි පාර්ලිමේන්තුවට පත්විය හැක්කේ ' කියලා. ඉන් පරිබාහිර පුද්ගලයෙක් මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වීමට "ප්‍රශ්නයන් නැත" යයි කියන්නේ මේ නඩුකාරයින් ව්‍යවස්ථාවට වඩා 'ඉහළින්' ලැබෙන ටෙලිෆෝන් කෝල් එකට ගරුකරන බවයි. ඉතින් එවැනි ව්‍යවස්ථාවකින් ඵලක් තිබේද...? එදා ප්‍රංශයේදී ප්‍රංශ ජනතාව ව්‍යවස්ථාව ගිනි තබා.. මහජනතාව වෙනුවෙන් ඔවුන් සෑදු ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා. අද හෝ හෙට කොන්ද පණ ඇති ශ්‍රී ලාංකිකයින් කළයුත්තේ මේ කාළකන්නි ව්‍යවස්ථාව ගෝල්ෆේස් අරගල භූමියේදීම ගිනිතබා රටේ ජනතාවට ගැලපෙන (නාගානන්දගේ ව්‍යවස්ථාව වැනි) ව්‍යවස්ථාව සම්මත කරගෙන නව රජයක් පිහිටුවීමයි.
පට්ට හොරෙක්.
ධම්මික පෙරේරා මහතාගේ වැරදි හා අඩුපාඩු ඇති.ඒත් ඒවා කට වචනයට පමණක් සීමා නොකොට ඒවා පිළිගත් අධිකරණයකදී ඔප්පුකොට ඔහු වැරදි කරුවෙකු බව ඔප්පු කළ යුතුයි.කෙනෙකුහට කෙතරම් වැරදි චෝදනා තිබුණත්, ඔහු අධිකරණයෙන් වැරදි කරුවෙකු නොවුවහොත් ඔහු නිවැරදි කරුවෙක්.අපට සිතෙනා ආකාරයට මෙහිදී සිදුවී ඇත්තේ එය වෙන්නට පුළුවන්.
උසාවියේ ඉන්න කිසිම එකෙක් නීතිය නොදන්න බවයි අපිට පෙනෙන්නෙ.
ද්විත්ව පුරවැසි වියන්ගොඩ ආයෙත් ලංකාවට සැපත් වෙලා වගේ. මේ ළඟදී දවසක ප්‍රංශයේ හිටියා. එන්.ජී..ඕ. නඩ ආයෙත් බරටම වැඩ.