
(ඩයනා උදයංගනී)
ගොතටුව, ඉන්දියන් තෙල් සමාගමට අයත් පිරවුම්හල අසල අද (21) දිනයේත් දිගු පෝලිම් පැවති අතර, දින ගණනක් එම පෝලිමේ රැඳී සිටි පිරිස් වෙනුවෙන් ඒ අසල ඇති ‘සුවනෙත’ පෞද්ගලික අක්‍ෂි රෝහලේ කාර්ය මණ්ඩලය සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.
එහි සේවය කරන හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ පෝලිමේ සිටි පිරිස් වෙත පැමිණ බිස්කට් හා කිරිපැකට් රැගෙන විත් පෝලිමේ සිටි පිරිස් වෙත බෙදා දුන්හ.
පෝලිමේ රැඳී සිටි පිරිස් ඔවුන්ට ස්තුතිය පළ කරමින් එම සංග්‍රහය භුක්ති විඳිනු දක්නට ලැබිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උතුම් ක්‍රියාවන් සිදුකරන්නේ පුද්ගලික ආයතනවල ඉන්න සේවකයන් තමයි. අනෙත් කණ්ඩායම් ඔය යුනිෆෝම් පෙරවගෙන කරන්නේ බොරු තමයි. කරන්නේ ලොක්කා වාඩිකරගෙන දෙන එකත් මදි කියලා බෝඩ් අල්ලන් පාරෙ ඉන්න තමයි.
පෞද්ගලික රෝහලක හෙදියන් නිසා ප්‍රශ්නයක් නැහැ. ඒ රෝහලේ ලෙඩ්ඩු නැතිව ඇති...!
මෙවැනි උතුම් ක්‍රියාවන් අගය කළ යුතුය. එහෙත් සමහරු දක්වන අදහස් ඉතා කණගාටු දායකය.