(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එම වාර්තාවට අනුව සියයට 45.3 ක් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට ආහාරමය කාණ්ඩයෙන් සියයට 27.3 ක දායකත්වයක් සපයා ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 18.1ක දායකත්වයක් ලබා දී ඇත.
මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 58 ක් වන අතර ආහාර නොවන කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 34.2 ක් වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ, හවස යෝග කළාම ඕක අඩුවෙලා යයි.
මේක ලෝකයෙන් උතුම් රටනේ...? මොනවා කළත් අපි ලෝකයෙන්ම ඉහළින් ඉන්න වැඩකරන ජාතියක්... උද්ධමනයෙන් වුණත්.
නන්දසේන සහ නඩය රටට කළ විනාශයට කිසිම සමාවක් නැහැ.