
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින'PMB Rice"ලබන සතියේ කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කිලෝ ග්‍රෑම් 05 සහ 10 පැකට් වශයෙන් මෙම සහල් තොග බෙදා හරින අතර ඒවා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලොරි රථවලින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දී අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
පළමු තොගය වශයෙන් සහල් පැකට් ලක්ෂ දෙකක් කොළඹ නගරයේ අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ.
PMB Rice වෙළඳනාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මෙම සහල් පාලන මිලට වඩා අඩුවෙන් අවම මිලක් යටතේ මහජනතාව වෙත බෙදා හැරීමට කටයුතු යොදා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට ප්‍රශ්නයක් ඔලුවට එන්නේ නැද්ද? වී අලෙවි මණ්ඩලයෙන් සහල් නිෂ්පාදනය කරන්නේ කොහොමද? ෆයිල් කවර වලද? ඊළඟට මේ අකුරු තුනේ තේරුම කුමක්ද? පොහොට්ටු මයිනා බැසිල් කියන එකද? මේවා ලංකාවේ වගාකළ සහල්ද? පිට රටින් ආපුවද කියලා දැනගන්න ජනතාවට අයිතියක් නැද්ද? පොඩ්ඩක් සිහියෙන් ඉන්න.