
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් එරටට යවා සාකච්ඡාවක් පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකි වනු ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති යූරි මැටරි මහතා පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
බංකොලොත් වූ රටකට ආර්ථික වශයෙන් උදව් කිරීමට නොහැකි වුවත් ශ්‍රී ලංකාවේ දැනට ඇති වාතාවරණයේ පවතින මානුෂවාදී තත්වය අනුව උදව් කිරීමට රුසියානු රජය නොපැකිලෙනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විමල් වීරවංශ මහතා ඇතුළු ස්වාධීන පක්‍ෂ එකමුතුවේ නායකයන් අද (21) රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මේ අවස්ථාවේ රටට තදින් බලපාන ඉන්ධන, ගෑස්, පොහොර අවශ්‍යතාව රුසියානු සමූහාණ්ඩුවෙන් ලබාගැනීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා තම කණ්ඩායම රුසියානු තානාපතිවරයා හමුවූ බව ද හෙතෙම කීවේය.
එරොෆ්ලොට් ගුවන් යානා සිද්ධියත් සමඟ ප්‍රසන්න නොවන වාතාවරණයක් ඇතිවූ බවත්, එරට සංචාරකයන් දැනටත් වෙනත් ගුවන් සේවා හරහා ශ්‍රී ලංකාවට පැමිණියත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ මට්ටමින් රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව තානාපතිවරයා පැවසූ බවත් වීරවංශ මහතා කීවේය.
එමෙන්ම රජය නියෝජනය කරන ශක්තිමත් බලවත් කණ්ඩායමක් තම යෝජනා අතැතිව මොස්කව් බලා ගොස් ඉන්දියාව කළා වැනි සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රුසියාවෙන් අපටආරක්‍ෂක උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ණය ආධාර සම්පූර්ණයෙන් භාවිතා කර නැති අතර, එහි අඩකට වැඩි කොටසක් ඉතිරි නිසා ප්‍රමාණය හෝ වත්මන් අවශ්‍යතා වෙනුවෙන් යොදවන්න බැරිදැයි කළ විමසීමේදී එම ඉල්ලීම ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉදිරිපත් විය යුතු බව තානාපතිවරයා පැවසූ බව ද හෙතෙම පැවසීය.
එබැවින් වහාම මෙම පියවර ගැනීමට රජය ක්‍රියා කළ යුතු මන්ත්‍රීවරයා කීය.
පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී
වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී වීරසිංහ, උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.ඒ.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ගව රැලක්නේ වැඩේට අතගහලා තියෙන්නේ. මේ ගව රැල කොහෙවත් හිටිය නරියෙකුව ලෝකල් පුටින් කෙනෙක් කළා. රුසියාවේ ගරු, පුටින් මහත්තයාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලන්නේ, අර යුක්රේනයට ගහන මිසයිලවලින් එකක් ලංකාවට එවන්න. මේ තක්කඩි කාලකන්නි රැල ලංකාවේ මිනිසුන්ව නොමරා මරනවා. එහෙම නැත්නම්, යුක්රේනය අතහැර දමා ලංකාව අල්ලා ගන්න. පාලකයින්ව රකින මුරබල්ලෝ නම් වෙඩි දෙක තුනක් අහසට තියයි. නමුත් ලංකාවේ බහුතර ජනතාව බලාපොරොත්තු වෙමින් සිටින්නේ, ඔබ වැනි විදේශීය රටක නායකයෙක් මේ රට ආක්‍රමණය කොට අල්ලා ගන්න තෙක්ය. මේ හිඟන්නු ලෝකෙටම පිළිලයක්. මෙවුන් දන්නේ ලංකාව ඇතුලේ කයිවාරු ගහමින් ලෝකෙන් හිඟා කන්න පමණයි
බලවත් කියා සිතාසිටින කණ්ඩායමක් එරටට යවා සාකච්ඡාවක් පැවැත් වුවහොත් රුසියාවේ උපකාර ලබාගත නොහැකිවනු ඇත. යැවිය යුතුවන්නේ බුද්ධිමත් (The knowledge is power) කණ්ඩායමකි. රට ආර්ථික වශයෙන් බංකොළොත් කළ මෙවැනි දේශපාලකයින් කිසිඳු විදේශ කතිකාව සඳහා සහභාගි නොකළ යුතුවේ. ගිවිසුම් හැකියා තිබෙන්නා වූ ගෝලීය ආර්ථිකය සහ දේශපාලනය පිළිබඳ දැනුමක් තිබෙන්නා වූ කණ්ඩායමක් යැවිය යුතුවේ...
මේක එයානේ කියන්නේ මෙහෙම කිව්වා කියලා. ඕවා ඔක්කොම වාසියට කියන ඒවා.. දැක්කනේ මීට ඉස්සෙල්ලත් එක්කෙනෙක් ඔහොම කියලා පස්සේ නෑ කිව්වා..
මේ අස්ථාවර ආණ්ඩුව සිටිනතුරු ජාත්‍යන්තර සහාය ලැබෙන්නේ නැත. අවුරුදු දෙකහමාරකට මුදල් ඇමතිලා 5යි. කැබිනට් මණ්ඩල 4 යි, අගමැතිලා දෙන්නයි. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පැහැදිලිව අඳුරගන්න බෑ. ඒකයි ජපානය කීවේ ණය ඕනෑ නම් විපක්ෂයත් අත්සන් කරන්න ඕනේ කියලා...
අපෙ ජනාධිපති ගොලූවෙක් නෙ. ඒකයි ලොකුම ප්‍රශ්නෙ. ඇමෙරිකාවේ පුරවැසියෙක් වුනත් ඉංග්‍රීසියෙන් කතා කරල උදව් ඉල්ලන්නෙ නැහැනෙ. මොකට ආවද මන්දා.
දැන් අපට නැත්තේ ඩොලර් මිසක් රූබල් නෙවෙයි. ඒ නිසා ඩොලර් තියෙන රටකට හේත්තු වුණොත් තමයි ප්‍රශ්නෙ විසඳන්නේ... එහෙම නේද?
මේ හොර නඩෙ, මේ ඉන්න මනුස්සය, ලීක්වාන් යූ , මහතිර් මොහමෙඩ් කෙනෙක් කල, මිනිස්සු රැැටුව, අද අපි ඒ්වයෙ විපාක ගෙවනව, මේ හොර දූශිත නඩෙ ඉක්මනින් ගොටත් එක්කම එලවල දාමු.
පනික්කියවයි,වට්ටක්කෙයවයි, ගෙම්බයි අරින්න රුසියාවට ආධර අරන් එන්න.
තෙල් ඇමති කිව්වෙ එයා තානාපති කර්යලයට ගිහින් කතා කරා හරිගියෙ නෑ කියල. විදේශ රටවල් එක්ක ගනුදෙනු කරන්න දක්ෂ හැකියවක් තියෙන අය යන්න වෙනව නැත්නම් තනපති කර්යල ගනන් ගන්නෙ නෑ.
වෙනස . මේසයේ දෙපසින්ම පෙනෙන්නට ඇත. සටහන් පොත් සහ හිස් දෑත්