(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසන ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් අද සම්මත විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී රුවන් පී පෙරේරා මහතා විශේෂ යෝජනාවක් ලෙස මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිඛිත යෝජනාව සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා වෙත බාරදීම භාර දුන්නේය.
විපක්ෂනායක මහේෂ් කොතලාවල මහතා පමණක් යෝජනාවට විරුද්ධ ව අදහස් දැක්වූ අතර සෙසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු,මන්ත්‍රීවරියන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂව අදහස් දක්වමින් සහයෝගය දැක්වූහ.
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව පොදුජන එක්සත් පෙරමුණ සභාපති ඇතුළු ආසන 18ක් ද,එක්සත් ජාතික පක්ෂයට ආසන 11ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 3ක්ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 2ක් ද හිමිව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හත් දෙනකු සභාවට පැමිණ සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී සරච්චන්ද්‍ර,අකිල පිරිස් ,දයානන්දනි පෙරේරා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීනිය සභාව වෙත පැමිණ සිටියේ නැත.
යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දර්ශන පීරිස් මහතා සභා ගැබෙන් ඉවත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා පරමාධිපත්‍යය ගැන සංවේදී මහජන නියෝජිත කණ්ඩායමක්...
එතකොට අවබෝධතා ගිවිසුම අහෝසි වෙලා වෙනත් කාණ්ඩෙකට ආණුඩුව ගිහින් තට්ටු මාරුවට ආණ්ඩුව ගෙනියන්න බැරිවෙනවා. ඔහොම ඉන්නකෝ. ඉතිරි අවුරුදු දෙකේදී කොහොම හරි වංගුවක් ගහලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරලා ආයෙත් ඡන්ද දායකයෝ ඉස්සරහට නොයා දිගටම බලේ ඉන්න පුළුවන් වෙන විදිහට වැඩේ කරනකල්...
නැතිනම් මෙයාලා ගමේ ඉඳලා ඉවරයි.
ජනාධිපති, අගමැති ගියාම, සජිත් ජනපති.. AKD අගමැතිද? AKD ජනාධිපතිද? සජිත් අගමැතිද?
ඩයස්පෝරාවට රට බාර දෙමුද? ඒ අය පැය 24න් අර එක නාලිකාවක දාන සිංග්‍රීසි වෙළඳ දැන්වීම් ඒවා නවත්තලා රටට හොඳම කාලයක් උදා කර දෙයි..!
යනවා කියලා කොහේ කියලා යන්නද?
සුදුස්සෙක් නම්කළා යන්න කිව්වා නම් තමයි හොඳ...!
දන්න යකා නොදන්නා සුරදුතියට වැඩිය හොඳයිලු. ඊලනගට එක කෙනා නොදැන ඉන්න කෙනා එලවන මැට්ටෝ ලෝකේ නැහැ. කවුද රටේ ජනපති වෙන්නේ? අගමැති වෙන්නේ? අනුරයි ටෙල්වින් කාරයිද? නැතිනම් සජියයි, අගමැති වෙන්න විහිලුවට වත් නමක් කියන්න සජබේ කෙනෙක් නැහැ.
හොඳ අරම්භයක්. .මෙක රට පුරාම වෙන්න ඔන.. හැබැයි මෙක බැසිල් ගොබ්බයගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්.. මෙහෙම දේවල් ප්‍රචාරය කලාම මිනිස්සු පොහොට්ටුවට බනින එක නවත්තල සානුකම්පිත වෙලා අයෙමත් කක්කුස්සි පොච්චියටයි තහඩු කෑල්ලටයි චන්දෙ විකුණන තැනට ගන්න පුලුවන් වෙයි කියල හිතනවද දන්නෙ ෑ..