(නිමන්ති රණසිංහ)
සමගි වනිතා බලවේගය විසින් අගමැති නිල නිවස ඉදිරිපිට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පවත්වන ලෙසට විරෝධතාකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (21) අවසර ලබා දුන්නේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වගන්ති ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, යම් හෙයකින් උද්ඝෝෂණය නීති විරෝධී වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිස් ආඥා පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට ද පොලිසියට නියෝග කළේය.
කොළඹ කුරුඳුවත්ත , සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත, මල් පාර, නෙළුම් පොකුණ වටරවුම ඇතුළු මාර්ග කිහිපයකට ඇතුල්වීම වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබිනි.
අධිකරණයෙන් එම ඉල්ලීමට අවසර ලබා නොදුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd