(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දරු පරපුරේ අධ්‍යාපන ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා(පොපෙ) සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් අද (21) පැවසීය.
පාස්කු දින ප්‍රහාරය,කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය වැනි කරුණු කේන්ද්‍රගත කොට ගනිමින් 2019 වර්ෂයේ සිට අඛණ්ඩවම ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන සමාජ දේශපාලන ව්‍යසනයෙන් දිගුකාලීනව දැඩිව හානි සිදුව ඇත්තේ ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ අධ්‍යාපනයට බව සභාවේ විශ්වාසය යැයිද ඩලස් අලහප්පෙරුම මහතා කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කරයි.
ඉගෙනුම අහිමි වීම මෙන්ම කාලය අහිමි වීම නිසා අපේක්ෂා භංග වූ මෙන්ම මානසික ආතතිය උත්සන්න වූ පාසල් දරුවන් මෙන්ම විශ්ව විද්‍යාල දරුවන් වෙත වඩාත් සංවේදීව විසඳුම් සෙවීම වැඩිහිටි වගකීම වන බවත් පෙර පාසල් බිළිඳුන් පවා අර්බුදයේ වින්දිතයන් බවට පත්ව සිටින බවත් අලහප්පෙරුම මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය කඩාකප්පල් වුණු තරමට නූගත් දේශපාලකයින්ට වැජඹිය හැකිය. ඉතිරි හරිය හිතාගැනීමට මෙය කියවන්නවුන්ට බාරකරමි. උදාහරණයක් ලෙස පහුගිය කාලයේ සමහර පක්ෂවලට වැඩිපුරම ආධාර දුන්නු කොටසකි... අමතර අධ්‍යාපන ගුරුවරු...