(යොහාන් භාසුර)
නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්‍ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බව එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (21) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ සහ වැල්ලවත්ත පොලිසියේ ජීප් රථ දෙකකින් සහ පොලිස් යතුරුපැදියකින් එම පොලිස් කණ්ඩායම පක්‍ෂ මූලස්ථානයට පැමිණි බව කී පුබුදු ජාගොඩ මහතා වරෙන්තුකරු කවුරුන්ද යන්න පොලිසිය ප්‍රකාශ නොකළ බව ද සඳහන් කළේය.
පොලිසිය කඩා වදින විට පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබූ බවත් සැක සහිත යතුරුපැදියක් මූලස්ථාන අසළ සැරිසැරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකයෝ ගොස් ඒ පිළිබඳව විමසා ඇති බවත් ඒ මහතා පවසයි.
පක්‍ෂ මූලස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදීම පිළිබඳව ඒ වන විට මුලස්ථානයේ සිටි සාමාජිකයන් පොලිසියට විරෝධය පළකර ඇති බවත් ජාගොඩ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලොත් උසිගන්වලා පාරවල්වල කෑගහ ගහ ඉන්නේ... වරෙල්ලකෝ අපේ කුඹුරු ටික කොටාගන්න. මේ තෙල් නැතිව ඉන්න වෙලාවේ...? අන්න එහෙමයි රටට ආදරේ නම් මේ වෙලාවේ කරන්න ඕනෑ.
ඕකුන්ගේ නායකයාගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ...
චන්දිම, අන්න ජවිපෙන් ප්‍රජා ගොවිපොලවල් පටන් අරගෙන.. ඉතින් යන්නකො.. මෙ පොඩි පක්ශයකට බණ කියන්නෙ නැතුව ගිහින් එකෙ වගා කරන්නකො.. හැබැයි පොලිසියෙ ලොක්කෝ බල්ල මාක් එකෙන් නොන්ඩි වෙලා ගිය හැටි අපි නම් දැක්ක.. අඩු ගනේ කාටද වරෙන්තුව කියල කියන්න නමක් වත් නැහැ.. බොරුවට බල්ලො වගේ කඩා පැනල රෙඩි ලෙෆ්ට් වෙලා ගිා..