(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කැකණදුර මොටාගෙදර දොලහේන වත්තේ සරුංගල් යැවීම සදහා මිතුරකු සමග ගිය 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
පාදයකට තුවාල සිදු වීම නිසා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ තල්පාවිල මහ විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඔහු මිතුරකු සමග අදාල වත්තට ඇතුළු වී සරුංගල් යවා තිබෙන බව කියති.
ඒ සමගම මුරකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම අවස්ථාවේ දී මිතුරා පැන ගොස් තිබෙන අතර කකුලට තුවාල වු සිසුවා හෙමින් සීරුවේ නිවසට ගොස් ඇත.
පසුව දෙමාපියන් විසින් ඔහු මාතර මහ රෝහල වෙත රෑගෙනවිත් ඇතුලත් කර තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් 61 හැවිරිදි මුරකරු පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ බියවැද්දීම සඳහා අහසට වෙඩි තැබූ බවයි.
කෙසේ වෙතත් පාසල් සිසුවාට වෙඩි වැදී තුවාල සිදු වී ඇත්ද නැතහොත් වෙනත් ආකාරයකින් තුවාලයක් සිදු වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සදහා ඔහු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාන්න තියෙන්නේ මෙයාව ඇතුලට මාස 5, 6 ක්, අහිංසක පොඩිඅයගේ ළමා විය නොහඳුනන තිරිසන්නු...
ඔහොම අහසට වෙඩි තියලා තමයි රඹුක්කන කෙනෙක් මරලා දැම්මේ...!
අමන කාළකණ්ණි මුරකාරයෙක්.
මාතර හරියට හොරුන්ගෙන් කරදරයි. ඒකයි දැන් තුවක්කු පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ... මමත් මාතර.. බලන් ඉද්දි ගෙවල්වල දේවල් අරගෙන යනවා.
ෆයිරූස්, ඒ ඔයාගේ ළමයෙක් වුණා නම්...? ඔයා අද ඔහොම කියාවිද? අහස, පොළව දන්නේ නැති අයට තුවක්කු දුන්නු අයවත් හිරේට දාන්න ඕනෑ...