(යොහාන් භාසුර)
දුම්රිය මාර්ග දෙපස ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වගාකිරීම සඳහා වසරක පදනම යටතේ ජනතාවට ලබාදීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම ඉඩම්වල කව්පි, මුංඇට සහ එළවළු ඇතුළු කෙටිකාලීන බෝග පමණක් වගාකිරීමට අවසර දෙන බව කී අමාත්‍ය ගුණවර්ධන මහතා ඒ සඳහා ඉතාමත් සුළු අයකිරීමක් කරන බව ද සඳහන් කළේය.
රට තුළ ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවේ යැයි පවතින අවධානම හේතුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වගා සංග්‍රාමයට සහයෝගය දැක්වීම සඳහා මෙම දුම්රිය ඉඩම් වගාව සඳහා ලබාදීමට තීරණට කළ බවත් ජනතාව ඉන් නිසි ප්‍රයෝජන ගනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඉඩම් ජඩයින්ට පැවරීමේ කුමන්ත්‍රණයක්...
ඔය ඉඩම්වල තණකොළ වවල උම්බලම කාපල්ල