(අංජුල මහික වීරරත්න)
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින විදේශීය සතුන් අතුරින් මේ වනවිට ගහණය ඉහළ ගොස් ඇති සතුන් පින්නවල නව සත්වෝද්‍යානයට ගෙන යාමෙි වැඩ පිළිවෙළක් ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත.
පින්නවල සත්වොද්‍යානයේ විශාල ඉඩකඩක් තිබුනත් තවමත් එම උද්‍යානය මහජන ආකර්ශනයට ලක් වී නොමැතිවීමට හේතුව කුමක්දැයි අමාත්‍යවරයා එහිදී විමසීය.
දැනට එම සත්වෝද්‍යානයේ දේශීය සතුන් සිටියත් විදේශීය සතුන් නොමැතිවීම මහජන පැමිණීම අඩු වීමට හේතුව බව නිලධාරීහු පැවසූහ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සතුන් හුවමාරු වැඩ සටහන අත්හිටවුවද ඉදිරි කාලයේ නැවතත් සතුන් හුවමාරු වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි නිලධාරීහු එහිදී පැවසූහ.
මේ අතර සත්වෝද්‍යාන වල සතුන්ට ආහාර සැපයීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන හිඟය නිසා සතුන් රැකබලා ගැනීම සඳහා ආරම්භ කළ දායකත්ව කැපකරු වැඩ පිළිවෙළට විශාල පිරිසක් මේ වනවිට දායකත්වය සපයා ඇති බව ද මෙහිදී අනාවරණය විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෙහිවල ඉන්න ’’ගානට වැඩි’’ සතුන් පින්නවලට