
(සුජිත් හේවාජුලිගේ )
නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය .
පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදිය හැකි බවත් . එවැනි ප්‍රධාන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීමේ ඇති වැදගත්කම තමා පෙන්වා දෙන බවත් ජනාධිපතිවරයා කීවේය.
කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ඊයේ (15) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙරට අස්වනු බෙදාහැරීමේදී ඉන් සියයට 40ක් පමණ විනාශ වන බව පැවසූ රාජපක්ෂ මහතා . මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීමෙන් විශාල ආහාර ප්‍රමාණයක් ආරක්ෂා කරගත හැකි බවද පෙන්වා දුන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක කියන්න ජනාධිපති කෙනෙක් ඔනෙද?
ඔය රාජ්‍ය ආයතන වල ඉන්න ඉහලයි කියලා හිතන් ඉන්න නිලධාරීන් ගෙගෙ සිට වැඩ කිරීමේ ක්‍රමයට කැමති නැහැ. මොකද ඔවුන්ට රජකාරියට පැමිණීම අනිවාර්ය නිසා. තවදුරටත් සේවා online ක්‍රමයට සපයනවාට බොහොමයක් රාජ්‍ය නිලධාරීන් කැමති නෑ. මොකද අත යට සිදුවන ගනුදෙනු නැති වෙන නිසා.
ඔයත් ගෙදරම යන්නකෝ
සියයට 40 පමන රජයේ සෙවකයො කොහොමත් office වල ඉන්නෙ ගෙදර වගෙම තමයි , ගෙදර ඉන්ඳල වැඩ කොරන කොට හොන්දට නිදාගෙන ඉන්ඳල තවත් ලමයෙක් එහෙම හදල නිවඩු පාඩුවේ මාසික වෙතනය ගන්න පුලුවන් , ස්තුතිි
සියලු කටයුතු ප්‍රාදේශීය සභ මට්ටමට විමද්‍යය ගත කර පලාත් සබා නැති කරන්න. එතකොට මෙ වාර්ගික ප්‍රශ්ණ අනම් මනම් මොකුත් නෑ. ඉන්දදන ප්‍රශ්න වලටත් විසදුම් තියෙනව එතකොට.
ඝෝටාභය, අපි දෙගුණයක් පඩි දෙන්නම් ඉල්ලා අස්වෙන්න. තවත් මිනිස්සු ැරෙනකම් ඉන්න එා.
ඔබතුමා දැනුත් ඔකමනෙ කරන්නෙ? තවත් වද නොදී තොලන්චිවො ගියාම් හොඳයි.
ඔහේ නොකිව්වත් ප්‍රේමදාස ජනාධිපතිතුමා කරන්න හැදුවෙ ඒකම තමයි රාජකාරි ප්‍රාදේශීය මට්ටමෙන් කරනවා නම් පළමුවෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තෝරන්න කොට්ඨාසයේ අයට පමණක් ඉල්ලීමට අවස්ථාව දෙන්න මන්ත්‍රී යටතේ ප්‍රාදේශීය සභාව පිහිටුවන්න ( ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්ට වැටුප් හෝ දීමනා නොදිය යුතුය ) ගමකට හෝ ත පවුල් සංඛ්‍යාව සදහා එක් නියෝජිතයෙක් පත්කිරීම කරන්න මෙම ප්‍රාදේශීය සභාවේ ලේකම් ප්‍රාදේශීය ලේකම් වියයුතුය එක් එක් අංශයට සහකාර හෝ නියෝජ්‍ය ලේකම් කෙනෙක් පත්කල යුතුය. ඉන් පසුව පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කල යුතුය. පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීමේදී ප්‍රාදේශීය සභාව අනුමත වියයුතුය.