(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්ධන පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු රවටා ඩීසල් කියා වතුර ලිටර් 60 ක බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කළ සිද්ධියක් බණ්ඩාරගමින් වාර්තා වේ.
සිද්ධියට මුහුණ පෑ එක් අයකු කුඩා වෑන් රථයකින් තැඹිලි විකුණා ජීවිකාව කරගෙන යන අතර අනෙක් පුද්ගලයා කුඩා ලොරි රථයක හිමිකරුවෙකි.
ඉන්ධන පිරවුම් හල අසල දින පහක පමණ කාලයක සිට ඔවුන් දෙදෙනා පෝලිමේ රැඳී සිටින අතර අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මිතුරන් බවට පත්ව ඇත.
ඔහුන් අසලට පැමිණි ආගන්තුක පුද්ගලයකු හොරෙන් පැන්නූ ඩීසල් වගයක් තියෙනවා අඩුවට දෙනවා ගන්නවා දැයි විමසා ඇත.
දින කීපයකින් නිසි අයුරින් ආහාර නොමැතිව නිදා ගැනීමටත් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටි ඔවුන් දෙදෙනා එම පුද්ගලයාගේ යෝජනාවට කැමති වී දෙවරක් නොසිතා එය මිලදී ගැනීමට එකඟ වී ඇත
මද වේලාවකින් පසු ආගන්තුක පුද්ගලයා රැගෙන විත් ඔහුන් අසල තබා තිබූ බුලි පරික්ෂා කිරීමේදී ඩීසල් බවට හැඟී යා මෙන් ඊට නියමිත රුපියල් 24000ක මුදලක් ද එම පුද්ගලයා වෙත ඒ මොහොතේම ලබා දීමට කටයුතු කර ඇත
එක් අයකු වාහනයට දැමූ ප්ලාස්ටික් බූලිය පතුලින් කාන්දු වීමක් ඇති වී ඇති අතර ඒවා පරික්ෂා කිරීමේදී වතුර බවට හැඟී ගොස් ඇති අතර ඒ බව අනෙක් පුද්ගලයාට පැවසීමට යාමේදී ඔහු ද පවසා ඇත්තේ තමන්ගේ බූලි දෙකේම ඇත්තේද වතුර බවය.
ඔවුන් දෙදෙනාම ක්ෂණිකව තමන්ට ඩීසල් යැයි කියා වතුර ලබා දුන් පුද්ගලයා සොයා නගරය පුරා සැරි සැරුව ද එම ජාවාරම්කරු සොයා ගැනීමට නොහැකි වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දෙන්න කලින් බූලි ඇරල බලල හරියටම ඩීසෙල්ඩ කියල බලන්නැති ගොන් හටන් දැක්කමද කොහෙද.