(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව වැඩි මිල ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවට වාසිදායක ඕමාන සමාගමට දීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
තායිලන්තයේ ‘සියම්’ ගෑස් කියන ආයතනයට දීර්ඝකාලීන ගිවිසුම දෙන්න යෝජනා වෙලා තිබූ බවත් තායිලන්ත සමාගමේ මිල ඩොලර් 112 ක් ද, ඕමාන් සැපයුම්කරු ඩොලර් 129 ක් ඉදිරිපත් කර තිබෙන බවත් සභාපතිවරයා කීය.
තායිලන්ත සමාගම මෙටි්‍රක්ටොන් 6000 කට පමණක් මිල ඉදිරිපත් කර තිබීම ප්‍රශ්නයක් බව කී සභාපතිවරයා ඕමාන සමාගම ප්‍රධාන නෞකාව මාලදිවයිනේ නැංගුරම්ලා එතැන් සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර මාස හතරකට ගෑස් මෙටි්‍රක්ටොන් ලක්‍ෂයක් ලබාදීමට ඩොලර් 129 ක් ඉදිරිපත් කර ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේ ගෑස් මාෆියාව ජය ගත්තා එහෙනම්. රසබර තොරතුරු ඉදිරියේදී එලියට එන්න පුළුවන්
ගෑස් මාෆියා කාරයින් ඉන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකේමයි...!
චරිත මහත්තයා ඕක බලාවිද? බලාගෙන ඉම්මු.
කොමිස් එක කාටද? කීයද?