(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 200 කින් ඉහළ දැමීමට බලධාරීන්ගෙන් ඉල්ලිමක් කර ඇති බවත් එම ඉල්ලීම අහක නොදමා කවුරුන් හෝ එහි වගකීම ගතයුතු බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
මිල වැඩිවීම්, අඩුවීම් ඇතුළු සියලු කරුණු සැලකිල්ලට ගෙන ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව කී මුදිත පීරිස් මහතා එම ඉල්ලීම අහක නොදමා එහි වගකීම කවුරුන් හෝ භාරගත යුතු බවත්ය.
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය 7000 ක් දක්වා වැඩි කරන බවට මාධ්‍යවල සිරස්තර පළකර තිබූ බවත් ‘ලාෆ්’ ගෑස් සිලින්ඩරය විශාල මුදලිකින් වැඩි කළ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම මිල ඉහළ නොදැමූ බවත් මුදිත පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාරෙට කජු හැදෙනව වගේ ටික ටික වැඩි කරන්නෙ නැතුව එක පාරටම 1000ක් 2000ක් වැඩි කරල දෙන්නකො. එතකොට ගෑස් අත හරින අය අත හැරල දාවි, පොලිම් වල ඉන්න අයත් අඩු වෙවි. විකල්ප වලට මිනිස්සු යාවි.