IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අදානි කලකිරීමෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙන දැවැන්ත මතභේදාත්මක තත්ත්වය දැක දැඩි ලෙස  කලකිරුණු බව අදානි සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

තමන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අදහසින් බව අදානි සමූහ ව්‍යාපාරය පවසයි.

ඉන්දු-ශ්‍රී ලංකා හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඉන්දියාවේ වගකිව යුතු ප්‍රධාන සමාගමක්  ලෙස  තමන් විශ්වාස කරන බව අදානි සමූහ ව්‍යාපාරය ප්‍රකාශ කළේය.එම අරමුණින් භාරගත් මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය හේතුවෙන් අදානි සමූහ ව්‍යාපාරයට චෝදනා සහ විවේචන එල්ල වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසුවේය.

එල්ල වන චෝදනා සහ විවේචන හමුවේ තමන් දැඩිව කලකිරී ඇති බවත් මෙම කාරණාව දැනටමත් ශ්‍රී ලංකා රජයේ අවධානයට ලක් කර ඇති බවත් අදානි සමූහ ව්‍යාපාරය සඳහන් කළේය.

මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  බලපෑම් කළ බවට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා  පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සාභාවේදී කළ ප්‍රකාශයත් සමග මෙම මතභේදාත්මක තත්ත්වය හට ගත්තේය.

එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා තමන් හැඟීම්බර වීම නිසා සිදුකල ප්‍රකාශයක් යැයි පවසමින් මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තත් ඉන්දියානු දේශපාලනය තුලද මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබේ.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහතාද මෙම ප්‍රකාශය උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයට විවේචන එල්ල කර ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ මෙම ප්‍රකාශය පිළිබඳ සටහනක් තබමින් පැවසුවේ එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.



අදහස් (6)

අදානි කලකිරීමෙන්

ravin Tuesday, 14 June 2022 03:45 PM

ඒකනේ කියන්නේ.. 10% ගත්තා. පැන්නා.

:       9       65

sachith Tuesday, 14 June 2022 04:12 PM

අපි දන්නේ නැති වුණාට අදානි කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්ද? නැතිනම් අපේ ඉන්න ව්‍යාපාරිකයෝවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අදහසින් බව..., මෙහෙම කියන්නේ නෑනේ..

:       7       49

Prabha Tuesday, 14 June 2022 04:54 PM

දුක්වෙන්න එපා. ටෙන්ඩර් දාන්න කියලා ඔබත් ටෙන්ඩර් එකක් දාලා බලන්න. අඩුම ගානේ ඔබගේ නම් ඔබට ලැබෙයි.

:       5       31

oshara Tuesday, 14 June 2022 05:16 PM

ඉන්දියාවේ ජනතාවට සනීපාරක්ෂක පහසුකම්වත් නෑ හරියකට... ඒ වුණාට ලංකාවේ බලශක්ති අර්බුදය විසඳන්න ඉන්දියාවට තියෙන්නේ පුදුම අමාරුවක්. චීන්නුන්ට කියන්න ඕවා...! 

:       67       48

pinhamiThursday, 16 June 2022 09:13 AM

ලොකුකම නම් තියෙනවා. වැසිකිලි නැති ඉන්දියානුවෝ නැත්නම් මේ මාස 2 තොපිට කන්නත් නෑ. බොන්නත් නෑ. ගොන් හරක්

:       0       9

chandima Wednesday, 15 June 2022 09:12 PM

කලකිරෙන්නේ නැතිද අප්පා... ටෙන්ඩර් මුකුත් නැතිව අතට එන්න තිබුණු දේටනේ මේ මනුස්සයා විද්දේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 514 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site