
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය
ඉන් පුරප්පාඩු වන විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයට එහි උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පත් කිරීමට නියමිතය.
විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පසුගිය දිනවල ඇතිවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ඒ ප්‍රකාශය පසුව ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් පැවසුවේ එම ප්‍රකාශය තමා ඉල්ලා අස්කර ගන්නා බවයි.
කෝප් කමිටුවේ දී තමා කළ පැහැදිලි කිරීමේ දී පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඉන්දීය අගමැති යන වචනය ප්‍රකාශ කිරීමට සිදු වූ බව ද ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝපරේට් කමිටුවට මින් ඉදිරියට කැඳවන අයගෙන් ෆිට්නස් සහතිකයක් රැැගන පැමිණිය යුතුයි. රැස්වීම් පැවැත්වෙන දින පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම දිය යුතුයි.
එක මොලේ අමාරුකාරයෙක් රුසියාව තරහ කෙරෙව්වා... මෙයා හැදුවේ ඉන්දියාවත් තරහ කරවන්න. නිකම්ම ඉල්ලා අස්වෙලා යන්න දෙන්න බෑ. දඬුවම් දිය යුතුයි.!
අස්වෙන්න ඉස්සෙල්ලා අස් කරන්නයි තිබුණේ.. මේ වයසට ඔලුව මඤ්ඤන් වෙලා ඇත්තේ..
ඇත්ත කියවුන නිසා...
කිසිම වගකීමක් නැහැ...
කවුද ඇත්ත කිව්වේ කියලා හිතාගන්න බැරි නෑනේ..!
වයසට යනකොට කළ යුතු දේවල් කළා නම් මේ අවුල නැහැනේ... මෙයාගෙන් තේරුම් ගන්න අනිත් වයසක උන්දැලාගේ කෙරුවාවේ බරපතලකම... බලෙන් පුටුවල එල්ලිලා ඉඳන් අමන තීරණ ගන්න අය...
වගකීමකින් තොරව එම ප්ර්රකාශනය ඕපපාතිකව ඉදිරිපත් කළා යැයි අපට නිගමනය කළ නොහැකියි. එම තනතුරු ඉතා ඉහළ තලයේ පදවියකි. එසේ ඔහු කලබලයට පත්ව එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත්තේ අනිවාර්යයෙන්ම කවුරුන් හෝ ප්රබලයෙකුගේ ඉල්ලා සිටීම මතයි. එසේ මානසික ආතතියෙන් ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවේ නම්, ඔහු අනිවාර්යයෙන්ම ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන මානසික රෝගියෙකි. ඔහුගේ හෙලිදරව්ව දැන් වෙනස් කළ නොහැකිය. ඔහුගේ ඉල්ලා අස්කිරීමට අනුව ඔහු කළ ප්‍රකාශය තවදුරටත් සත්‍යයක් බවට තහවුරු කරයි. මෙවන් අඳබාල දේශපාලන නායකයින් ඉන්න රටක මීටත් වඩා ඵලදායිතාවයෙන් යුතු සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි..
අස් වුණාද? නැත්නම් අස් වෙන්න කියලා ඉහළින් නියෝගයක් ආවාද?