
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනු ලැබ සිටින කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී ලබන 21 වැනිදා දිවුරුම් දෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට තමාට අද හෙටම පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් දැනුම්දීමක් ලැබෙනු ඇති බවයි.
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධූරයේද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම මන්ත්‍රී ධූරයෙන් පසුගිය 9 වැනිදා ඉල්ලා අස්විය. ඔහු එලෙස ඉවත්වීමෙන් පුරප්පාඩුවූ එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ධම්මික පෙරේරා මහතා මෙසේ පත් කෙරිණ.
ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතන රැසක හිමිකාරීත්වය දැරූ දිවයිනේ නමගිය කෝටිපති ව්‍යාපාරිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළහතා යන්තම් ගියා විතරයි.. අලුතින් එන්ඩ හදන කෙනා කුලප්පු වෙලා වැඩ කරන විදිය බලාගන්ඩ බැරියැ.
කවුරු ඇවිල්ලත් වැඩක් නැහැ... නන්දසේන යනකන්...!
ඔහුට අමුතුවෙන් හම්බ කිරීමට අවශ්‍ය නැති නිසා සුබාවාදීව සිතමු...
ධම්මික ප්‍රසාද් නව කැබිනට් ඇමැතිවරයා ලෙස දිවුරුම් දෙන වගයි...
රටේ ජනවරමක් නැති 3% අරගල කාරයෝයි, එන්ජීඕ ඩොලර් කුක්කොයි ඉන්නකම් රට හදනවා බොරු... ධම්මික පෙරේරා නෙමෙයි එලෝන් මස්ක් ආවත් තත්වේ ඕකයි.
ධම්මික පොහොට්ටු සාමාජිකත්වය අරන් පාර්ලිමේන්තු එනවා නම් අනිවාර්යයෙන් බැසිල්ගේ ඩීල් එකක් එතැන තියෙනවා කියලා පොඩි කෙනෙක්ට වුණත් තේරෙනවා. අනිත් එක ඇත්තටම රටට ආදරෙයි නම් වැඩකරන්න මොන කරුමයකටද පොහොට්ටුවෙන් එන්නේ...? ඒකෙ ඉන්නේ කවුද කියලා හොඳට දන්නවානේ... අනික මෙයාටත් TAX වංචා තියෙනවා බිලියන ගණන්. අනික මෙයාගේ කම්පැනි එකක්නේ යහපාලන ආණ්ඩුව කාලේ පිටරට රෝහල් කුණු ගෙනැල්ලා ලංකාව ඇතුලේ වළදාන්න හැදුවේ. තමන්ගේ බිස්නස් ටික ආරක්ෂා කරන් දියුණු කරයි හොෙඳට. කාටවත්ම නෑ රටට ආදරයක්. එයාගේ කෙරුවාවල් දන්නෝ දනිති.
රටට, ජනතාවට තවත් එක සංදර්ශනයක් විතරයි. අද මම කියන්නේ, ලබන මුදල් වර්ෂය ඉවරවෙනකොට මෙයාගේ කම්පැණිවල ලාභය දෙගුණ වෙන හැටි බලන්න. තවමත් සමහර මෝඩයන් 3% කට බැණ බැණ ඉන්නවා. ඒත් 90%ක්ම වගකියන්න ඕනෑ...
ගොඩක් හොඳයි..
පුද්ගලික දේපල යනු සොරබඩු වලට කියන තවත් නමකි යැයි පුන්ශ ජාතික පියර් ජෝශප් කියයි. ඒඅනුව විශාලම පුද්ගලික දේපල හිමියන් ලොකුම සොරුන් වේ. (සොුන් සැදූ රටවල් නැත.__අනුර දිසානායක) ඒඅනුව ධම්මිකටත් බැරිය.