
(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට මේ අවුරුද්දේ අවසානය වන තුරු බලාසිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඊට කලින් මුදල් නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ළඟදීම පැමිණ ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතව ඇතත් ඒ ගිවිසුමෙන් ණය නොලැබෙන බවත් ණය ලබා ගැනීමට නම් එම අරමුදලේ ප්‍රධාන මණ්ඩලය ණය ගිවිසුමට අත්සන් තැබිය යුතු වන බවත් ඔහු කීවේය.
ඒ සඳහා රජයේ ආදායම ඉහළ නැංවීම, සහනාධාර සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම යනාදි කටයුතු රැසක් සිදු කිරීමට රජයට සිදුවන බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරෝකථන අපට වැඩක් නෑ. මේ වෙලාවේ ආණ්ඩුවට එක්වෙලා ඩොලර් අර්බුදයට විසඳුම් දෙන්න උත්සාහ කරන්න...!
එතකොට රටෙන් බහුතරයක් වලපල්ලට ගිහිං තියේ්වි. කලුකඩ මුදලාලිලා දිව්‍ය ලෝකෙන් එහාටත් යාවි...
යහපාලනය කාලෙදී කරපු අටමගලයක් නෑ. දැන් ලොරි ටෝක් දෙනවා.