(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම්කර තිබෙන බැවින් එම වැඩකටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මේ වෙලාවෙි දේශපාලන පක්ෂ මෙන්ම රටේ ජනතාවද අග්‍රාමාත්‍යවරයා ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දැක්විය යුතු අතර කලබල නොවී ඉවසීමෙන් ක්‍රියා කළොත් ඉක්මනින්ම ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවන බව ද අබෙිවර්ධන මහතා කීය.
ජුනි මාසය අවසන් වන විට අයි.එම්.එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇතැයි ද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුව කැඩූ එකා රටේ ප්‍රශ්න විසඳන තුරු ඉවසීමෙන් බලා ඉන්නලු...
ඔයාලට නම් මුළු ජීවිත කාලයක් වුණත් ඉවසන්න පුළුවන්.. මොකද කිසිම අඩුවක් නැහැනේ ඉතින්. බඩගින්නේ ඉන්න අපි කොහොමද ඉවසන්නේ?
දැන් රතු කට්ට පැනලා තියෙන්නේ. හාල් 300 යි. ගෑස්, තෙල්, පෙට්‍රල් ඩීසල් නැහැ. මාලු මිල ගැන කථා නොකළට එදා රුපියල් 150කට විතර කාපු සාලයා දැන් රුපියල් 1000යි. මොනවද තව ඉවසන්න කියන්නේ...? ඔක්කොම කලේ රට විනාශ කරපු එක තමයි. රනිල් මේ විපාකයේ ප්‍රධාන පාර්ශව කරුවෙක්... රනිල්ගේ හොඳම අනුගාමිකයෙක් තමයි ඔයා. ඔයා කවුද කියල අපි දන්නවා. රනිල් නැත්නම් ඔයාට තැනක් නැහැ. ඉවසන්න කියන්නේ රනිල් ආරක්ෂා කරන්න කියන එකනේ. මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුනේ දේශපාලන අර්බුදය නිසා. ඒ නිසා මේක එනිනෙකට වෙන් කරන්න බැහැ. දේශපාලන අර්බුදය ඉවර වුණොත් ආර්ථික අර්බුදය අවසන් වෙන්න ආරම්භ කරාවි. ඒ නිසා වජිර මහත්තයෝ තව දුරටත් ජනතාව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා. ඉවසුවා ඇති. හොඳටම ඇති.
මේ කොල්ලාට සේනාධිපතියා හොඳට සලකනවා ඇති...
මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුනේ දේශපාලන අර්බුදය නිසා. රාජපක්ෂලා ඉන්නකන් රට බංකොළොත්. දේශපාලන අර්බුදය ඉවර වෙනකන් නන්දසේන ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඒක වෙන්නේ නැහැ. තවත් අවුරුදු 2ක් ඉඳලා රට නන්නත්තාර කරලා තමයි යන්න යන්නේ. ඔබතුමන්ලා දැන් ඉවසන්න කියනවා.
ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර යවපු මෙයාලත් දැන් පොරවල් වෙලා ඉන්න කාලෙ කරපු සෙල්ලම් දැක්කනේ. මහ බැංකුව හොරකම් කර රට කෑවා...