(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන අර්බුධය හේතුවෙන් බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවම වී ඇතැයි  ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම්  ශාන්ත  සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන්  ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් සහ පෙට්‍රල්  බෙදාහැරීමේ කටයුතු උපරිම ධාරිතාවකින් යුතුව සිදුකිරීමට නොහැකි වී ඇතැයිද ඔහු කීවේය.

පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමට දෛනිකව ටැංකි රථ 300ක් 350අතර වාර්තා කිරීමට අවශ්‍ය වුවත් ඉන්ධන බෙදාහරිනු ලැබුවේ  රථ 100 ත් 150ක් පමණ ප්‍රමාණයක් බවත් ඔහු සඳහන් කළේය.

ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම ඉන්ධන පෝලිම් දිගු වීමට හේතුවී  ඇතැයිද ඔහු කීවේය.