(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගමේ වර්තමාන කඩා වැටීමට මෙම වසර තුළ ඉවත්ව ගිය සභාපතිවරු තිදෙනා වගකිවයුතු බවත් නව සභාපතිවරයා ලෙස ගෑස් ව්‍යාපාරය සම්බන්ධ දැනුමක් ඇති පුද්ගලයකු පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සේවක සංවිධානය අද (12) පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එම සමාගමේ වැඩසහන් සහ ප්‍රචාරක කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා පැවසුවේ ලිට්‍රෝ සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ගෑස් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවත් මෙම වසර තුළ ඉවත්ගිය අනිල් කොස්වත්ත, තෙෂාර ජයසිංහ සහ විජිත හේරත් යන මහත්වරුන්ගේ අදූරදර්ශී පාලනය වර්තමාන කඩාවැටීමට හේතු වූ බවත්ය.
බලධාරීන් දැන්වත් තටිටුමාරු සභාපතිවරු පත්කිරීම නවත්වා වර්තමාන අර්බුදයට මුහුණදියා හැකි දැවැන්ත සහ පළපුරුදු සභාපතිවරයෙක් පත්කිරීමට කටයුතු කළ යුතු බව කී කොළඹහෙට්ටිගේ මහතා ලාභ ලබන ආයතනයක්ව තිබූ ලිට්‍රෝ සමාගම මේ වන විට රුපියල් බිලියන 10 ක් (කෝටි 1000) ණය ආයතනයක් බවට පත්කර ඇති බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම 2019 වසරේ මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 14 ක් ලාභංශ ලෙසත් රුපියල් මිලියන 37 ක් බදු ලෙසත් ගෙවා තිබූ රුපියල් බිලියන 20 ක ඉතුරුම් පැවැති ආයතනයක් බවත් සභාපතිවරුන්ගේ තකතීරු පාලන හේතුවෙන් පසුගිය වසර තුන තුළ ආයතනය කඩා වැටීම නිසා මේ වන විට බැංකුවලින් ඇප තැබිය යුතු තත්වයට පත්ව ඇති බවත් කොළඹහෙට්ටිගේ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලේ වහන්න හදන්න එපා.. ප්රශ්නය තියෙන්නේ සභාපති වරුන්ගේ නොවේ. පිටුපස තිබෙන දේශපාලන හස්තයකින්... සභාපතිවරු එන්නේ යන්නේ දේශපාලන වුවමනා, එපාකම් කළොත් සභාපතිවරුන්ගේ බෙල්ල ගහලා යන නිසයි.
තෙෂාර ජයසිංහ ඉවත් කළ අවස්ථාවේ, ඔහුම අවශ්‍ය බව කියා සිටියේ ඔය ලිට්‍රෝ සේවක පිරිසම නේද? වැඩබැරි පුද්ගලයින් පාලකයින් ලෙස පත්කොට ආයතනය පාඩු ලබනවිට ජනතාව පිට බරපැටවීම නොවිය යුතුයි. තවද මෙම ආයතනයද පාඩු ලබන්නේ දූෂණය නිසාදැයි සොයා බැලීමක් විය යුතුයි. වර්තමානය වනවිට මෙරට බොහෝ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා ඉහ වහා ගොස් ඇති බැවින් රජයේ විශේෂ අවධානය යොමු විය යුතුයි .
ලිට්‍රෝ එකේ අයියලා ටික හිතාගෙන ඉන්නේ මාධ්‍යවේදීන් මෝඩයින් කියලා. මාධ්‍යවේදීන් මේ මහත්තයාට කටඋත්තර නැති වෙන්න දුන්නා. දෙපැත්ත හිටිය පණ්ඩිතයින් දෙන්නා වචනයක් කථා කරේ නෑ. මේ රනිල්ගේ කොන්ත්‍රාක් එකක් කළේ...!
2019 රුපියල් බිලියන 19 සහ රජයේ බදු ගෙවපු මේ ආයතනය පොහොට්ටු ආණ්ඩුව නැත්තටම නැතිකරලා. පොහොට්ටු කෙරුවාව අනෙක් ආයතනවලටත් එහෙම ඇති. රටක් බංකොළොත් කරන්න විතරයි පොහොට්ටුව දක්ෂ.
වැඩ දන්නවා කියන්නේ හොරකම් කරන්න ඉඩ දීලා ඔයාලාටත් කොටසක් ලැබිලා තව මිලියන ගණනින් ගන්න වැටුප් වරප්‍රසාද රකින කෙනෙක්..