(යොහාන් භාසුර)
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන තොග පවතින පිරවුම්හල් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්රී ලංකා තොරතුරු හා සංනිවේදනය තාක්ෂණ නියෝජිත ආයතනය (අයි.සී.ටී.ඒ.) එකතුව fuel.gov.lk නමින් නව වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ.
එම වෙබ් අඩවියට පිවිස පළාත, දිස්ත්රිකක්ය, නගරය සහ ඉන්ධන වර්ගය ඇතුළත් කිරීමෙන් ළගම ඇති ඉන්ධන පිරවුම්හල්වල තොරතුරු ලබාගත හැකි බවත් එහිදී ඉන්ධන සැපයුම පෙරවරුවේ ආරම්භ කරන විට පැවැති ඉන්ධන ප්රමාණය සහ ඉන්ධන බවුසරයක් ළගා වන වේලාව සහ එම ඉන්ධන පිරවුම්හලේ ඇති සෙසු ඉන්ධන වර්ග ආදි තොරතුරු ලබාගත හැකි බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම වෙබ් අඩවිය විනාඩි 30 කට වරක් යාවත්කාලීන කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක update නැහැ. බොහොමයක් ෂෙඩ් දවස් දෙකකින් update කරලා නැහැ.
මේ වෙබ් අඩවියට ගියා ෂෙඩ් තියෙනවා තෙල් නැහැ.
රජය විසින් මුදල් ගෙවා ප්රචාරණය ලද්දකි
බොරු වැඩක්.. ඔවුන් මේක අප්ඩේට් කරන්නේ නැහැ. ඕක හදන්න ගිය වියදමත් අපරාදෙ...
වැඩේ හොඳයි. ඒත් අප්ඩේට් කරන්නේ නැහැ .
මේක වැඩ කරන්නේ නැහැ. මීට වඩා හොඳයි ඇමැතිගෙන් එන අප්ඩේට් එක...
ගොඩක් හොඳයි හරියට ක්රියාත්මක කරනවා නම්...!
ඉන්ධන ලබා ගැනීමේ පිරවුම්හල්...
හොඳයි...!
දිනපතාම ඉන්ධන ලබාදෙන ස්ථානය දැනුවත් කරන්න..
ඉන්ධන ඉවරටම ඉවර කෙනෙකුට අදාල දිනයේදි තෙල් ගන්න ක්රමවේදයක් තියෙනවද..? මට යන්න ඕන කි.මී 17ක්, බයික් එක තල්ලු කරන් යන්න පුළුවන් දුරක නෙමෙයි. ටැංකිය ගලවන් ගියොත් තෙල් දෙනවාද..?
ඒක හොඳ වැඩක්. නිවැරැදි ක්රියාවක්... ඉතාම සාර්ථකයි..
මේක නම් සුපිරි වැඩක්, නමුත් අවාසනාව මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නෑ.
ඉන්ධන එන වේලාවන් සහ ස්ථාන කියන්න...!
පෙට්රල් එන වේලාව සහ එන ස්ථාන...
පෙර ක්රියාත්මක වූ මෙම වෙබ්පිටුව දැන් ක්රියාත්මක නොවෙයි...