
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් චීන තානාපති කාර්යාලයේදී අද(13) පැවැත්වින.
ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළාය.
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර වෙළඳාම, ආයෝජනය සහ සංවර්ධනය පිළිබඳ සුහද කතාබහක නිරත වී ඇත.
එසේම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයට සහ ආර්ථික වර්ධනයට දෙරටේ සහාය ලබා දිය හැකි ආකාරය ගැනද සාකච්ඡා කෙරූ බව ජූලී චන්ග් මහත්මිය තැබූ සටහනේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලන් බෙදාගෙන ලංකාව කන්නේ කොහොමද කියලා සාකච්ඡා වෙන්නැති...!