සතොසෙන් නව සහන මල්ලක් ලංකා සතොසෙන් රුපියල් 998 කට අත්‍යවශ්‍ය භාණ්ඩ පහක් ඇතුළත් නව සහන මල්ලක් හදුන්වා දුන්නේය. 06 February 2022
යුද අභ්‍යාසයේදී නාවික සෙබලාට වෙඩි වැදී රෝහලේ හොරොව්පතාන කපුගොල්ලෑව දුටුවැව සහ කපුගොල්ලෑව අතර කැලෑවේදී යුද අභ්‍යාසයක නිරතවෙමින් සිටි නාවික හමුදා සෙබළකුට අද උදැසන අත්වැරදීමකින් වෙඩි වැදීමකින් බරපතල තුවාල ලබා කපුගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවු බව කපුගොල්ලෑව පොලිසිය කියයි. 06 February 2022
‘ඉල්ලුම අනුව විදුලි කප්පාදුව තීරණය කරනවා‘ දිනක විදුලි ඉල්ලුම මොගාවොට් 2750 ඉක්මවුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 06 February 2022
අමාත්‍යංශයට කුලියට ගත් ගොඩනැඟිල්ලට කෝටි දෙකක් වැඩිපුර ගෙවලා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී ගොඩනැගිලි හිමිකරුට වැඩිපුර මුදල් ගෙවීම නිසා රජයට රුපියල් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 06 February 2022
සැඟවූ රන් සෙවූ 6ක් අත්අඩංගුවට එල්.ටි.ටි.ඊ සංවිධාන විසින් සඟවා තිබෙන රත්තරන් සෙවීම සඳහා භූගත වස්තූන් නිරීක්ෂණය කරන ස්කෑනර් යන්ත්‍රයකින් පරීක්ෂා කරමින් සිටි පුද්ගලයින් 6ක් කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය කියයි. 06 February 2022
නිවසේ නවතා තිබූ පැජරෝව උස්සලා පස්යාලේ නිවසක නවතා තිබූ රුපියල් කෝටි පහක් පමණ වටිනා පැජරෝ ජීප් රථයක් අද (06) පාන්දර සොරා ගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් ලැබී ඇතැයි නිට්ටඹුව පොලීසිය පවසයි. 06 February 2022
අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 ක් වරායේ හිරවෙයි ඩොලර් නිදහස් කිරීමේ ගැටලුව හේතුවෙන් සහල් කන්ටේනර් 500 ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වාරාය තුළ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. 06 February 2022
වටුකුරුළු කතාවට සමාන කතාවක් ජාඇළින් රැනෙන් මිදී වෙළෙක වැටී සිටියදී අල්ලා කුඩුවක දමා සිරකර සිටි ගිරා පැටවකු ගිරා රංචුවක් පැමිණ කූඩුවේ දැල් ඈත් කර නිදහස් කර ගෙන යාමේ පුවත් මෙරට නිදහස් දිනය දා ජාඇළ බටගමින් වාර්තා වෙයි. 06 February 2022
යෝගට් එකටත් ඩොලරය හරස් වෙයි ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඉදිරියේදී යෝගට් එකක මිල රුපියල් 55 ක් හෝ 60 ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා කිරි ආහාර නිෂ්පාදන සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත මහතා පැවසීය. 06 February 2022
භාරතීය ගීත කෝකිලාවිය දිවි ගමනට සමු දෙයි භාරත ගීත කෝකිලාවිය යන ආදර ගෞරව නාමයෙන් හැඳින්වෙන ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වූවාය. 06 February 2022
බවුසරයෙන් ආ මරුවා පියා - දියණිය ඩැහැ ගනියි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් අස්ගිරිය - වල්පොල මාර්ගයේදී සිදුව ඇති රිය අනතුරකින් වයස අවුරුදු 6 ක දියණිය සහ 41 හැවිරිදි පියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පහ රථවාහන අංශය සදහන් කරයි. 06 February 2022
දෙපිරිසක ගැටුමෙන් අයෙක් මරුට දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පසු තියුණු ආයුධයකින් ඇන තරුණයෙකු ඝාතනය කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. 06 February 2022
අද සිට කාලගුණයේ වෙනසක් පැවති වියළි කාලගුණ තත්වයේ වෙනසක් සමඟ අද (6) රාත්‍රී කාලයේ සිට පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 February 2022
මොරොක්කෝවේ රයන් ලොවක් හඬවා සමු ගනියි මොරොක්කෝවේ උතුරු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි මීටර් 32 ක් ගැඹුරු නළ ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් දරුවා වළට වැටී පැය 100කට පසු මීට සුළු මොහොතකට පෙර ගොඩගත් අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සහන කණ්ඩායම්වලට නොහැකි විය. 06 February 2022
පාස්කු විමර්ශන ගැන ඇමැති නිශාන්තගෙන් දොස් පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසං කළැයි කියන චෝදනාවට,එම ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකල පිරිස් අපේ රජයත් මේ අය ආරක්ෂා කරනවා දැයි රජය නියෝජනය කරන ඇමතිවරයකු හැටියට වගේම කතෝලිකයකු හැටියටත් යම් සැකයක් තිබේනවා යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි. 06 February 2022
පොහොට්ටුව ජනතාව අතරට යයි රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත . 05 February 2022
විදේශ ඇමැති හෙට ඉන්දියාවට බරපතල අර්බුදයකට මුහුණ දී ඇති මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හෙට (06)පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය . 05 February 2022
ශ්‍රීලනිපයෙන් රටත් ජනතාවත් මුදා ගන්න යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සහ ජනතාව වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. 05 February 2022
සිරිල් ගාමිණී පියතුමා කනස්සල්ල පළ කරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් මුහුණු පොතේ පළවෙද්දී එයට ප්‍රතිචාර එක් කළ පුද්ගලයකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරන බව සිරිල් ගාමිණි පියතුමෝ පවසති. 05 February 2022
දෛනියක ආසාදිතයන් 1200යත් පනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1287දෙනකු අද (5) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 February 2022
කොවිඩ් මරණ 28 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 28 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 February 2022
වැල්ලවත්ත වෙරළෙන් මළසිරුරු දෙකක් මතු වෙයි වැල්ලවත්ත මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 05 February 2022
ඇල්ලවළට දිය නෑමට ගිය තිදෙනෙක් බිලි වැල්ලවාය ඇල්ල වළේ දිය නෑම තහනම් කර තිබියදි අද දවල් බීමත්ව දියනාමින් සිටි හය දෙනකුගෙන් තිදෙනකු දියේ ගිලී මියගොස් සිටියදි සොයාගත් බව පොලිසිය කියයි. 05 February 2022
උදයදේවී දුම්රියේ වැලි ටිපරයක් ගැටේ කොළඹ සිට මඩකලපු බලා ධාවනය වූ දුම්රියට වැලිකන්ද මැණික්දෙනිය දුම්රිය හරස් මාර්ගයේදී වැලි ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් රියදුරු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. 05 February 2022
කෝටියකට අධික අයිස්ය මන්නාරමෙන් අල්ලයි නාවික හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසියකදී රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 05 February 2022
දඩ කොළයක් දුන්නැයි පී.සීට පොරෝ පහර අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි පොලිස් කොස්තාපල් වරයකුට අද දහවල් කුඩා අත් පොරවකින් පහරදීමෙන් තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි. 05 February 2022
එළියට යා නොහැකි අයට නිවසටම ගොස් එන්නත් නිවෙස්වලින් පිටතට යා නොහැකි තත්ත්වයේ සිටින පුද්ගලයන්ට නිවෙස් වලට ගොස් කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අරඹනු ලැබ ඇත. 05 February 2022
පිටිකිරි-දියර කිරි නිෂ්පාදනය තවත් පහළට කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩුවීම නිසා පිටිකිරි සහ ඇසුරුම් කළ දියර කිරි නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි . 05 February 2022
ජේලර් සුරුට්ටුවට නිල ඇඳුම පාවා දෙයි අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් සුරුට්ටු තොගයක් විසි කළේ යැයි කියන එම බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් දෙදෙනකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ. 05 February 2022
ඔලිම්පික් සිහින බොඳ කර කෝටි 16ක් වතුරෙ යවලා ක්‍රීඩා කෞශල්‍යයෙන් පිරි ගම්බද දරුවන් විද්‍යාත්මක පදනමින් තෝරාගෙන පුහුණු කර ඔලිම්පික් වැනි ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා යොමු කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් 2018 වර්ෂයේදී අතරමඟ නවතා දැමීම නිසා රුපියල් කෝටි 16 කට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 05 February 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026