ජනපති රාජ්‍ය නායකයන් හමුවෙයි ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කළේය. 03 November 2021
“සමාගම් 40කින් පෞද්ගලික බැංකුවකින් බදු මුදල් ගෙවීම පැහැර හැරලා’’ ප්‍රධාන පෙළේ සමාගම් හතළිහක් සහ පෞද්ගලික බැංකුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා)පවසයි. 03 November 2021
ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. 03 November 2021
මධ්‍යම කඳුකරයට මහ වැසි:නගර මංමාවත් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයට අද සවස සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය අකුරණ නගරයෙන් ඒ -09 මාර්ගය සහ දුනුවිල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට විය. 03 November 2021
සැක සහිත කරුණු ගැන කතා කරද්දී සී.අයි.ඩීයට කැඳවීම අනුමත කරන්නේ නැහැ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකයන් ගැන අදහස් දක්වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් හිරිහැර කිරීම අනුමත නොකරන බව යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 03 November 2021
මාවනැල්ල උපසභාපතිට විරුද්ධව පැමිණිල්ලක් මාවනැල්ල මෙඩේරිගම විදුහලේ දෙමාපියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට අද (3) උද්ඝෝෂණයක නිරතව සිටියදී මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා දෙමාපියන්ට බැණ තර්ජනය කර බලහත්කාරයෙන් පාසල් පරිශ්‍රයට ඇතුළුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 03 November 2021
“යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතිය ලැබුණා’’ යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා පැවසීය 03 November 2021
“කාබනිකව අස්වැද්දූ නාඩු වී 100 ට ගන්නවා’’ කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 03 November 2021
කොවිඩ් මරණ 21ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 November 2021
සතොසෙන් පැවැති මිලට සීනි දිගටම රජය සීනි පාලන මිල ඉවත් කළ ද සතොස පැවැති මිලටම සීනි තව දුරටත් අළෙවි කරන බව තොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ‘ලංකාදීප’යට අද (3) පස්වරුවේ පැවසීය 03 November 2021
කොවිඩ් ආසාදිතයන් 474ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 474 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 03 November 2021
සිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම කැඳවීම ලබන සඳුදා පාස්කු ප්‍රහරයේ සත්‍ය සෙවීම පිළිබද අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය. 03 November 2021
වාහනය බලෙන් හප්පා සල්ලි කොල්ලකන කල්ලියක් රිය අනතුරු සිදු කොට ඊට ලක්වන පාර්ශ්වය බිය ගන්වා කප්පම් මුදල් ලබා ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි. 03 November 2021
කලාභූෂණ රාජ්‍ය සම්මාන උළලේදී... 36 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (03) පැවැත්විණ. 03 November 2021
ගෑස් නැතිව විදින දුකක් මේ දිනවල රටපුරා පවතින ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. 03 November 2021
කුඩු කිලෝ 300 සිද්ධියේ යාත්‍රා හිමිකරුට ඇප ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි සහ පතුරම් ලංකාවට ආනයනය කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට රිමාන්ඞ් බාරයට සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන ටෝලර් යාත්‍රාවේ හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය. 03 November 2021
හෙද සංගමයත් විරෝධයේ ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා හෙද සංගම සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (03) පැවැත්විය. 03 November 2021
සිරිල් ගාමිණි පියතුමන් අදත් සී.අයි.ඩී නොඑයි රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි සිරිල් ගාමිණි පියතුමා අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොපැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 03 November 2021
දිස්ත්‍රික් කීපයක කොරෝනා ඉහළයයි සමහර දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 03 November 2021
සිරකරුගේ පාවහන් යුගලයේ හලෝ හතරක් පාවහන් යුගලක් තුළ සූක්ෂමව සඟවාගෙන ආ ජංගම දුරකථන 04ක් කළුතර බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කළ සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 03 November 2021
සභාපති ඉවත් කළොත් මන්ත්‍රිවරුත් දැඩි තීරණයක වාරියපොළ ප්රාදේශය සභා සභාපතිවරයා යම් හෙයකින් තනතුරින් ඉවත් කළහොත් තමන් ද තනතුරුවලින් ඉවත්වන බවට වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුකාරවරයාට අද පෙරවරුවේ දැනුම් දුන්හ. 03 November 2021
අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව අයවැය කාලයේදී වැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 03 November 2021
මාධ්‍යවේදී අතුල බණ්ඩාර දිවියෙන් සමුගනී වසර 20ක අධික කාලයක් ලංකාදිප මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස කටයුතු කළ අතුල බණ්ඩාර මහතා අද (3) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය. 03 November 2021
ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ පවසති. 03 November 2021
යුගදනවි ගිවිසුමට එරෙහි සජබ පෙත්සම විභාගයට කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 12 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය. 03 November 2021
අහඹු පී.සී.ආර් වැඩි කරයි සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 03 November 2021
විදේස් සැකකාරිය ළඟ සිම් හතක්-සිලින් කාසියක් ’ෆෝ ජී’ වර්ගයේ සිම් කාඩ් පත් හතක් සහ උගන්ඩා සිලින් කාසියක් සඟවාගෙන සිටි උගන්ඩා ජාතික සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීනියන් විසින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 03 November 2021
“එක රටක් එක නීතියක්’’ හදන්න බලය ඇත්තේ පාර්ලිමේන්තුවට එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සිරිකොත දීපවාලී සැමරුම් උත්සවයේදී පැවසීය. 03 November 2021
මහ බැංකු අධිපතිගේ පත් වීමට එරෙහිව පෙත්සම් විසිකරයි හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වරයා ලෙස පත් කිරීමට එරෙහිව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද(03) තීන්දු කළේය. 03 November 2021
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 45ක් වතුරේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර ගොඩනැගිලි කුලියට ගැනීම සඳහා 2017 සිට 2020 වසර දක්වා වර්ෂ හතරේදී රුපියල් කෝටි 45 කට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) දැඩි සාකච්ඡාවට භාජනවී ඇත. 03 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026