(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
විදුලිබල සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (8) රාත්‍රී නිකුත් කළේය.
විදුලිබල සැපයුම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එම ගැසට් නිවේදනයේ උපලේඛණයේ අත්‍යවශ්‍ය සේවා ලෙස සඳහන් වේ.
ජනාධිපතිවරයා ලෙස 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනය ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම කාබනික කිරීම වගේ මෝඩ තීරණ අතරේ ගත්ත ඉතාමත්ම හොඳ තීරණයක් මේක. සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම මීට බොහෝ කලකට පෙර කල යුතුව තිබූ දෙයක්. ලෙඩ්ඩුන්ව බිල්ලට දීලා තමන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන් වැඩ වර්ජන කරන එක දැන්වත් නවතියි.