(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත .
පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය නීතියට පටහැනි බවත් සඳහන් කරමින් පෙත්සම්කාර මන්ත්‍රීවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
ඒ හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු සිය පෙත්සමෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.