IMG-LOGO

විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම දෙගුණයකින් ඉහළට

 

(යොහාන් භාසුර)

ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ දිනක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සියයට 100 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් අද (8) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර 2,500 ක් නිකුත් කළ බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ආගමන විගමන දෙපාර්තුමේන්තුව මීට පෙර දිනකදී විදෙස් ගමන් බලපත්‍ර 1200 ක් පමණක් නිකුත් කළ ද සති දෙකක පමණ සිට දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කළ ද දිනකට වේලාවක් ලබාදී පුද්ගලයන් 1000 ක් පමණ හරහා යැවීමට සිදුවන බවත් බණ්ඩාර මහත්මිය කීවාය.

ජනතාව දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීම මෙම තත්වයට හේතුව බව කී පියුමි බණ්ඩාර මහත්මිය ජනතාව වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව ගමන් බලපත්‍රය ලබාගැනීමට නොපැමිණි ලෙස ද ඇය ඉල්ලා සිටින්නීය.

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගමන් බලපත්‍ර නිකුත් කිරීම පෙරවරු 6.15 ට ආරම්භ කර රාත්‍රී 10.00 ට අවසන් කිරීමට සිදුව ඇති බවත් ඇය වැඩි දුරටත් කීවාය.

 



අදහස් (0)

විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම දෙගුණයකින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 334 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 260 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site