සිවු වැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් 1000 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1156 දෙනකු අද (2) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 02 February 2022
ජනවාරියේ සංචාරකයන් 82,327 මෙරටට ජනවාරි මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 February 2022
කොවිඩ් මරණ 19 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 February 2022
ලිට්රෝ ලොක්කන්ට එරෙහිව පෙත්සමක් නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පිපිරී තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් අභියාචනාධිකරණය හමුවේ අද (02) පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 02 February 2022
අරුන්දිකට ඇමැතිධුරය අත හරින්න වෙයිද? රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්දියට මා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 02 February 2022
කොළඹ මහ නගර සභා කුණු බිත්තර සිද්ධියේ මන්ත්‍රී තාත්තයි දුවයි රිමාන්ඩ් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට මිරිස් කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන සහ නාගරික මන්ත්රීනී සුරේඛා අබේගුණවර්ධන යන දෙදෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා අද (02) නියෝග කළේය. 02 February 2022
සුරංග ලක්මාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිවූවැනි ඉහළතම කඩුලුලාභියා වන දකුණත් වේගය පන්දු සුරංග ලක්මාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 02 February 2022
හිජාස්ට ඇප දෙනවා ද? නැද්ද? රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරිනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන නියෝගය ලබන 07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (02) දැනුම් දුන්නේය. 02 February 2022
’’සුළං විදුලිය නිපදවිය හැකි තැන් සොයන්න’’ රට පුරා නව සුළං විදුලි බලාගාරය ඉදි කළ හැකි ස්ථාන පිළිබඳව වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය. 02 February 2022
හත සිට හත දක්වා පාසල් නිවාඩු රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් මෙම හත් වැනි දා සිට මාසයක කාලයක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 02 February 2022
වෛද්‍ය සිසුන්ට පහර දුන් හයක් අල්ලයි රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 February 2022
එජාප නායක අයි.එම්.එෆ් යමු කියද්දි මැරෙන්න දැඟලුව අය කෝ රටෙි මූල්‍ය අර්බුද විසඳා ගැනීමට වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි එජාප නායකයා පැවසූ විට මරාගෙන මැරෙන්නට හැදූ අය දැන් කියන්නේ මොකක්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය. 02 February 2022
බිත්තර ප්‍රහාරය ගැන ජා.ජ.බයෙන් අයි.ජී.පී ට පැමිණිල්ලක් ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සමුළුවට කලගෙඩිහේනේ දී ඉකුත් (30) දින එල්ල වු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් එම බලවේගය අද (2) පස්වරුවේ පොලිස් මුලස්ථානයේ දී පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 02 February 2022
කොවීඩ් නිසා බස් කර්මාන්තය දැවැන්ත අර්බුදයක කොවීඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් බස් කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 02 February 2022
බොරැල්ලේ බෝම්බ සිද්ධියට රදවා තබා සිටි 3ක් නිදහස් කෙරේ බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සේවකයන් තිදෙනෙකු නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (02) නියෝග කළාය. 02 February 2022
ආසාදිත ගාඩ්ලාගේ වැඩ ආවරණයට එස්.එම් ලා කැඳවයි දුම්රිය නියාමකයන් පිරිසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීම නිසා දුම්රිය අවලංගු කිරීමෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ස්ථානාධිපතිවරු දුම්රිය නියාමක සේවාවාර තාවකාලිකව ආවරණය කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අද (2) පැවසීය. 02 February 2022
‘‘වාහන මිල ආයේ අඩු වෙන එකක් නෑ‘‘ රජය කිසියම් දිනක වාහන ආනයනය ආරම්භ කළ ද මේ වන විට ඉහළ ගොස් ඇති වාහන මිල අඩු නොවනු ඇති බවත් වාහන ආනයනය අත්හිටුවීම නිසා වාහන ව්‍යාපාරකයින් දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 February 2022
‘වෛද්‍ය සිසුන්ට පහරදුන් අයට සමාවක් නෑ‘ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදී තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස්දී ඇත. 02 February 2022
අලුත්ගම මුහුදේ සිසුවෙක් ගසාගෙන යයි අලුත්ගම මොරගල්ල මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව් දෙනකුගෙන් එක් සිසුවක අතුරුදහන් වී ඇතැයි අලූත්ගම පොලිසිය පවසයි. 02 February 2022
ඉන්දීය ණය ගිවිසුමට අත්සන් තැබීම අද ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 500 ක ණය මුදලට සම්බන්ධ ගිවිසුම අද (2) පස්වරුවේ අස්සන් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 February 2022
අන්තර්පළාත් මාර්ග 17ක් සඳහා සුඛෝපභෝගි සේවාවක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ග ඔස්සේ අන්තර්පළාත් මාර්ග 17ක් සඳහා සුඛෝපභෝගි බස්රථ සේවාවන් 25ක් ධාවනයට එක් කළ බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 02 February 2022
’’ඔමික්‍රෝන් පැතිරුණත් රට වහන්න ඕන නෑ’’ ඔමික්‍රෝන් රැල්ලක් පැතිර ගියත් පවතින තත්වය යටතේ රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 02 February 2022
බස් රථ අකටයුතුකම්වල වීඩියෝ එවන්න අංකයක් මාර්ග නීති උල්ලංඝණය කිරීම ඇතුළු නීති විරෝධී කටයුතුවල නියලෙන අන්තර් පළාත් බස් රථ සේවකයන් පිළිබඳ වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම 071-2595555 යන නව අංකයක් හදුන්වාදී තිබේ. 02 February 2022
නිදහස් දා මත්පැන් - මස් අළෙවිසැල් වහයි ජාතික නිදහස් දිනය යෙදී තිබෙන ලබන සිකුරාදා (4 වැනිදා) රටපුරා සියලුම මත්පැන් අළෙවිසල්, මත්පැන් අලෙවි කරන අවන්හල්, සත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසල් වසා තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. 02 February 2022
ගර්භණී හෙදියන්ට නිවාඩු ඉල්ලා හෙදියෝ පාරට සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කළ විරෝදතාවක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දි මීට සුළු වේලාවක පෙර ආරම්භ කර ඇත. 02 February 2022
උතුරු කොරියාවෙන් ආයුධ ගැනීම ගැන මුදල් ඇමති කරුණු කිව යුතුයි යුද සමයේදී රාජපක්ෂ ආණ්ඩුව කලු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තැයි මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්ති නාමයට හානියක් බැවින් මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (2) පැවසීය. 02 February 2022
ඇමෙරිකාවේ ප්‍රාන්ත 3 ක් පුරා විහිදුණු අකුණක් කිලෝ මීටර් 768 දක්වා විහිදුණු විදුලි සැරයක් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. 02 February 2022
විමල්ගේ නඩුවක් ජූලි 17ට කල් යයි මන්ත්‍රීවරයකු වශයෙන් සිය ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක දේපළවලට හිමිකරුව සිටිම සම්බන්ධයෙන් අමාත්‍ය විමලු වීරවංශ මහතාට එරෙහි පවරා ඇති නඩුව ලබන ජූලි 17 වැනි දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියෝග කළේය. 02 February 2022
ජල බිල්පත් නොගෙවූ මැති-ඇමතිවරුන්ට නඩු රුපියල් කෝටියකට වැඩි වටිනා ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන හිටපු සහ දැනට සිටින මැති ඇමැතිවරුන් 48 දෙනාට එරෙහිව නඩු පවරන ලෙස ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම මණ්ඩලයේ නීති අංශයට උපදෙස්දී ඇත. 02 February 2022
අමාත්‍යංශ වාහනයකින් ආ පිරිසක් වෛද්‍ය සිසුන්ට පහර දෙති රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද අලූයම සිදු වූ ගැටුමකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 02 February 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026