හයකෝටියක් අරගෙන පැන්න හිටපු සෙබළා අල්ලයි
පෞද්ගලික බැංකුවක ඒ.ටි. එම්. යන්ත්රවලට මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියදුරු රුපියල් 6,74,19,700 (හය කෝටි හැත්තැහතර ලක්ෂ දහනවදහස්හත්සියයක්) මුදලක් රැගෙන එම වෑන් රථයෙන් පලායමින් සිටියදී නුවරඑළිය බදුල්ල පාර රේන්දපොල හංදිය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.