කඳසුරිදුන්ට පූජා කළ පවුම් 38ක රන් තැටිය උස්සලා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. 01 November 2021
කොවිඩ් මරණ 17 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 November 2021
ඉන්දීය ත්‍රස්තවාදියාගේ හලෝවේ මෙරට 702ගේ නම් ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (01) කරුණු වාර්තා කර ඇත. 01 November 2021
හවුල් ආණ්ඩුවේ තීරණ හවුලේ ගත යුතුයි හවුල් ආණ්ඩුව හැදුවේ සියලු දෙනා එකතුවී හෙයින් රටේ තීරණාත්මක දේවල් ගැන තීරණ ගත යුත්තේද සියලු දෙනා සාමූහිකව එකතුවී බව තමාගේ අදහස යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය. 01 November 2021
ජාලිය වික්රමසූරියගේ පෙත්සම ඉවතට විදේශ කටයුතු අමාත්‍යාංශය තමා ගේ තානාපති වරප්‍රසාද ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයකට ලක් කරමින් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ගොනු කර තිබූ අභියාචන පෙත්සම රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 01 November 2021
මහ කන්නයේ අටෙන් පහක වැඩ පටන් අරන් මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 01 November 2021
අධික වර්ෂාවෙන් කෝස්සේ පාලම යටවෙයි අධික වර්ෂාව සමග බිබිල මොනරාගල ප්‍රධාන මාර්ගයේ තැන්වත්ත කෝස්සේ පාලම උතුරා යාමෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. 01 November 2021
දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කපලා දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැළණිය පාලම අසළින් කිසියම් පුද්ගලයෙක් කපා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥාා සහ විදුලි උපදේපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (1) පස්වරුවේ පැවසීය. 01 November 2021
ජාතික රෝහලේ විකීරණ තාක්ෂණවේදීන් අටකට කොරෝනා ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරන විකිරණ තාක්ෂණවේදීන් අට දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇතැ අතර තවත් දෙදෙනකු නිරෝධායනයට ලක්කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසයි. 01 November 2021
“අපට පැවරූ වගකීම් ගැන මාස හතරකින් බලාගන්න’’ එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරය තමන්ට හිමිවීම ගැන වෙනත් ජාතීන්ට අයත් ජනතාව හෝ කිසිවෙක් කලබල විය යුතු නැතැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. 01 November 2021
මෙරට ජනගහණයෙන් සියයට 70වකට එන්නත් මෙරට ජනගහනයෙන් සියයට 70කට පමණ කෝවිඩ් එන්නත් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා පවසයි. 01 November 2021
රැකියා ඉල්ලා අදත් විරෝධයේ ඒකාබද්ද රැකියා විරහිත උපාධිරින්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (01) කොළඹ කොටුවේදී පැවත්වීණි. 01 November 2021
අයවැයදා ගැලරි දෙකක් විවෘත වෙයි මුදල් ඇමැතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරන ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේ කතානායක ගැලරිය සහ මාධ්‍ය ගැලරිය පමණක් විවෘත කිරිමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 01 November 2021
දුම්රිය ප්‍රමාදය කඩාකප්පල් ක්‍රියාවක්ද? ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (1) අලුයම සිට ඇතිවූ දුම්රිය ප්‍රමාදයට හේතු වූ සංඥා පද්ධතියේ බිඳවැටීම පෙරවරු 9.30 පමණ වන විට යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥාා සහ විදුලි අංශයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 01 November 2021
රන්මාල කොල්ලකරුවන් දෙකක් මාට්ටු අතුරුගිරිය,මිරිහාන මුල්ලේරියාව හා බොරලැස්ගමුව පොලිස් වසම් වල යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු මීගොඩ බටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 01 November 2021
ආණමඩුවේ පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 18කට කොරෝනා ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ හිමිවරු 18 දෙනෙකුට කොරෝනා ආසාධනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා අද (1) දින පැවසිය. 01 November 2021
‘‘පරිසරයට රැකෙන කෘෂි විප්ලවයක් අවශ්‍යයි‘‘ නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකර කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බරපතළ ගැටලුවක් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හිදි පැවැසීය. 01 November 2021
‘‘පොදු ජන පෙරමුණේ නොවන අයට විනය පියවර ගන්නේ නෑ‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට සෙසු පක්ෂවල අයගේ ප්‍රකාශවලට පියවර ගැනීමට ඉදිරිපත් නොවන බවත් පොදුජන පෙරමුණේ කිසිවකු හෝ විවේචන කරන්නේ නම් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. 01 November 2021
කොළඹ සිට ඩකා නුවරට බෝට්ටු සේවයක් කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු (Cruse) සේවයක් ආරම්භ කිරීම කෙරෙහි මේ වන විට දෙරටේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියයි. 01 November 2021
රටපුරා නැවතත් ගෑස් හිඟයක් ලාෆ් සහ ලිට්රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබේ. 01 November 2021
අදසිට දින 15කට නව සෞඛ්‍ය මාර්ග උපදේශ මාලාවක් රට විවෘත කිරීමෙන් පසු නොවැම්බර් මස 01 වැනි දින සිට 15 වැනි දින දක්වා දින 15 ත කාලයක් සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය මාර්ග උපදේශ නිකුත් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 01 November 2021
’’යම් යම් සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි’’ යම් යම් සංචරණ සීමා ඉවත් කිරීම රටින් කොවිඩ් ඉවත්වූ බව පෙන්වන සහතිකයක් නොවන බවත් ඒ ආකාරයට වැරදි අදහසක් ගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 01 November 2021
ගොවි උපවාසයට සහාය දක්වා දැවැන්ත විරෝධතාවක් රසායනික පොහොර ඉල්ලා බකමූණ නගරයේ පැවැත්වෙන අඛණ්ඩව උපවාසයට සහාය දක්වමින් ගොවීන් 3000සකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විවිරෝධතාවක් ආරම්භ කර ඇත. 01 November 2021
“බ්‍රිතාන්‍යය පිළිගත් එන්නත් අරන්නම් නිරෝධායනයක් නෑ’’ ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සංචාරකයින්ගේ පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණ සහතිකය අද (01) සිට බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේදී පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කියා සිටීයි. 01 November 2021
වසරේ ඉහළම උද්ධමනය ඔක්තෝබර් මසයේ මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) පසුගිය ඔක්තෝබර් මස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 01 November 2021
කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත් කරගන්න රහස් වාර්තාවකට අවසර තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව ට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වන රහසිගත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද ( 01) නීතිපතිට අවසර ලබා දෙන ලදී. 01 November 2021
බූස්ටර් එන්නත් දීම අරඹයි කොවිඩ් රෝගීන් හා නිතර ගැටෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ( බූස්ටර් එන්නත ) ලබාදීමේ කටයුතු අද කොළඹින් ආරම්භ කෙරිණ. 01 November 2021
පෑලියගොඩ ප්‍රදේශයේ රථවාහන තද බදයක් කොළඹ - මහනුවර මාර්ගයේ පෑලියගොඩ සහ කැලණි පාලම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතැයි රථවාහන පොලිසිය කියයි. 01 November 2021
දුම්රිය සංඥා දෝෂයක් කාර්යාල සේවකයෝ අතරමං වෙති ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක අද පෙරවරුවූ සංඥා දෝෂයක් හේතුවෙන් කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක් ප්‍රමාදවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 01 November 2021
පළාත් කීපයකට අදත් වැසි දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (1) දිනයේත් විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026