IMG-LOGO

බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව  පවත්වාගෙන යෑමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා විසින්  රුපියල් කෝටි හැට නව දහස් පන් සියයක( බිලියන 695ක) පරිපූරක ඇස්තමේන්තුවක්   පාර්ලිමේන්තුවට අද (7) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීමට  නියමිතය.

මෙම පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය හෙට ( 8 )  සවස  5.30 දක්වා පැවැත්වෙන බව  පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමෙන් පසු අගමැතිවරයා විසින් රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීමට  නියමිතය.

ඉන් පසු ඒ පිළිබඳ  සභාව කල් කල් තබන අවස්ථාවේ විවාදය  පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.                                                            

තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ සාදන ලද නියමයන්ද හෙට  විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු   මහලේකම්වරයා පැවැසීය.

පාර්ලිමේන්තුව අද සිට  ලබන 10 වැනිදා   දක්වා රැස්වීමට නියමිතය.          

මේ අතර  ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි සහ ණය සීමාව රු. ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සදහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව අද(7) පෙරවරුවේ  විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතය.                              

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ  ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග අනිද්දා (9) ප.ව 4.30 දක්වා විවාද කිරීමෙන් පසු සම්මත  කර ගැනේ.



අදහස් (0)

බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 373 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 266 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site