සෞඛ්‍ය මාර්ගෝපදේශ 28 දක්වා දීර්ඝ කරයි කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ මාසය පුරා දිගටම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර ඇත. 31 January 2022
ශ්‍රී ලංකා සංචිතයේ දෙකකට කොරෝනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඕස්ට්‍රෙිලියා සංචාරයට සහභාගි වීමට නියමිතව සංචිතයට ඇතුළත්ව සිටින නුවන් තුෂාර සහ ක්‍රිකට් අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 January 2022
ගිගා වොට් එක හමාරක විදුලිය වාෂ්ප වෙයි මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් කිලෝමීටර 26ක් පුරා විසිරී පැතිරී තිබෙන වික්ටෝරියා ජලාශයේ ජලය ඝන මීටර් මිලියන දෙකක් දිනකට වාෂ්ප වන බවත්, එම ජල ප්‍රමාණය එසේ වාෂ්ප නොවී රැඳුනේ නම් ගිගා වොට් 1.5 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකියාව තිබෙන බවත් එම ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළ පිටිය මහතා පවසයි. 31 January 2022
යෙහෙළියගේ රන්මාලය කඩා පැන යද්දී මිතුරිය සොරා සමග පොර බදලා අනුරාධපුර නගරයේ පැවැති අමතර පන්තියකට සහභාගී වි සිටි සිසුවියක විවේක කාලයේ දී, කුබිච්චන්කුලම වැව අසලට ගොස් සෙල්ෆි ඡායාරූප ගනිද්දී අය ගෙල බැඳි රන් මාලය කඩා ගෙන යද්දී ඇගේ යෙහෙළිය එම සොරා සමග පොරබදා ඇති අතර ඒ අවස්ථාවේ කොල්ලකරුගේ ජංගම දුරකතනය වැටි තිබියෙදී සොයාගෙන ඇත. 31 January 2022
විදුලි කප්පාදුව නවතියි විදුලිය විසන්ධි කිරීමක් නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පැවසීය. 31 January 2022
පාකිස්තානුවන්ගේ සෙල්ලම අකුරැස්සෙන් නවතී භාණ්ඩ මිළදී ගන්නා මුවාවෙන් පැමිණ ව්‍යාපාරිකයන් රවටා ඉතුරු මුදල් වංචා කරන ජාවාරමක් සිදු කළ බව කියන පකිස්තානුවන් හතරක් ක් එසේ වංචා කළ මුදල් හා බඩු තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි. 31 January 2022
මැතිසබා කමිටු හතළිහක් පත් කිරීම ප්‍රමාදයි පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවුණු කමිටු හතළිහක් පමණ නැවත පත් කිරීම ප්‍රමාදවී ඇතැයි වාර්තා වේ. 31 January 2022
‘උසස්පෙළ ප්‍රවර්ධන කටයුතු හෙටින් පසු බෑ‘ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ-2021 විභාගයේ ප්‍රවර්ධන කටයුතු හෙට (01) මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ලංකාදීපයට පැවසීය. 31 January 2022
රෝහල් 29 ක විභාග මධ්‍යස්ථාන රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසීය. 31 January 2022
සතොසින් පොල් ගෙඩියක් 75 කට පොල් ගෙඩියක් රුපියල් 75 ක ස්ථාවර මිලකට මෙම වසර පුරා ලංකා සතොස අළෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (31) පැවසීය. 31 January 2022
රූ රැජිනක් 9 වැනි මහලෙන් පැන දිවි නසාගනී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රූ රැජිනක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ඉහළ මහළින් පැන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. 31 January 2022
‘ලක්විජය’ යළි පණ දෙයි නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව අද (31) පෙරවරුවේ නැවත ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 31 January 2022
විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 31 January 2022
දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද(31) දිනයේ අවලංගු කර ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි(ගමනා ගමන)ඒ. ඩී ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. 31 January 2022
‘ ආණ්ඩුව නූල කැඩිච්ච සරුංගලයක් වගේ‘ මේ ආණ්ඩුව කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක්, සැලැස්මක් නැති නූල කැඩිච්ච සරුංගලය වගේ එහෙට මෙහෙට පාවෙන අයාලේ යන ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 31 January 2022
‘කොවිඩ් පැතිරුණත් උසස් පෙළට බාධාවක් නෑ‘ කොවිඩ් පැතිරීමක් පැවතියත් අපොස උසස් පෙළ විභාගය කල්තැබීමේ කිසිම අවශ්‍යතාවක් නැතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය . 31 January 2022
ළගටම ඇවිත් බූස්ටර් දෙයි බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම සේවයක් ඉදිරි සතියේදී අරඹන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 31 January 2022
‘බූස්ටර් මාත්‍රාව හැකි ඉක්මනින්ම ගන්න‘ බූස්ටර් එන්නත් මාත්‍රාව හැකි ඉක්මනින්ම ලබාගන්නැයි සියලු ජනතාවට නැවත වතාවක් ආයාචනා කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 31 January 2022
යාන්ත්‍රික කියතකින් බාප්පා ඥාති පුතාගේ කකුල කපලා ගස් කැපීම සඳහා උපයෝගී කරගන්නා යාන්ත්‍රික කියතකින් පුද්ගලයකුගේ කකුලක් කපා දමා ඝාතනය කිරීමේ සිද්ධියක් කටුගස්තොට පොලිසිය කියයි. 31 January 2022
’’උසස් පෙළ කාලයේ විදුලිය කපන්න එපා’’ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙරවාරි මස 7 වැනිදා සිට මාර්තු මස 5 වැනිදා දක්වා කාලසීමාවේදී විදුලි කප්පාදුව නොකරන ලෙස විදුලිබල මණ්ඩලය ඇතුළු වගකිය යුතු ආයතනවලට දැනුම්දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 31 January 2022
දිස්ත්‍රික්ක 12 ක ‘ඩෙංගු’ අධි අවදානමක් ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු අධි අවධානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබේ. 31 January 2022
හොර නෝට්ටු සමග අයෙක් මාට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය කියයි . 31 January 2022
පළාත කීපයකට අද වැසි තත්ත්වයක් නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (31) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 January 2022
ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගයීම අද ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම අද (31) ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 31 January 2022
වෙළෙඳ ඇමැති කතරගමදි අලි ඇබැද්දියක කතරගම සතොස වෙළද හලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් දොස් නඟමින් ඇමැතිවරයා රූපවාහිනියෙන් කියන කිසිවක් සතොසේ මිලට ගන්නැට නැතැයි පවසා ඇත. 30 January 2022
’’මන්න මලින්ද’’ අල්ලයි පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කළ බව කියන ’’මන්න මලින්ද’’නමැත්තා අත්බෝම්බයක් සමග හෝමාගම මුල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 30 January 2022
ඇමැති පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ඉල්ලයි රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් පන්දහසේ මාසික සහන දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදීම සඳහා කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා රජයෙන් උපදෙස් ඉල්ලා ඇත . 30 January 2022
ඇමැති විදුලිය පෞද්ගලික අංශයෙන් ගන්න යයි පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් ,පෞද්ගලික විදුලි බලාගාර දෙකක ගිවිසුම් කාලය දීර්ඝ කළ යුතු යැයි විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා රජයට යෝජනා කර ඇත . 30 January 2022
කොරෝනා ආසාදිතයන් 1000 සීමාව පනි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1056 දෙනකු අද (30) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 30 January 2022
කොරෝනා වැළඳුණු පාසල් දැරියක මිය යයි නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026