(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
එරොෆ්ලෝට් ගුවන් සමාගමේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක් ශ්‍රී ලංකා බලධාරීන් රඳවා තබා ගැනීම පිළිබඳව රුසියාව සිය විරෝධතාව ඊයේ(03) ප්‍රකාශ කළේය.
මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඊයේ (03) රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවීමක් කර තිබූ අතර එහිදී රුසියානු රජය සිය විරෝධතාව පළ කර ඇත.
"ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍රශීලි ද්විපාර්ශ්වික සබඳතා වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න කලින් අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කියලා " යැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළ බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කළේය.
මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඊයේ(03) රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයට ගිය අවස්ථාවේ කොළඹ සිට මොස්කව් බලා පිටත් වීමට සූදානම් වූ එරොෆ්ලෝට් වාණිජ ගුවන් යානයක් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ගත් පදනම් විරහිත තීරණය සම්බන්ධයෙන් රුසියානු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියා විරෝධය පළ කළ බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ලිඛිත එකඟතාවයක් ද පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල-ශක්තිය
අනුවණයින් හොඳම මිතුරෙක් තරහ කරගත්තා. පණ ඇති රජයක් තිබේනම් වහාම මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි.
ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතු බවට තහවුරු කළ හැකි බොහෝ කරුණු මත මෙයද එක හේතුවකි...!!!
රුසියාවලින් ඩොලර් 35 තෙල් බැරල් එකක් ගන්න පුළුවන්කම තියෙද්දී මේ අයගේ කොමිස් නැතිවෙන නිසා තවම ගන්නේ වැඩිමිලට ඩුබායි හරහා... ඉතින් මෙහෙම වැඩක් කරලා රුසියාව තරහා කර ගත්තාම අපිට තෙල් දෙන්න බෑ කියනවනේ... එතකොට නිකන්ම කොමිස් කාක්කන්ගේ වැඩේ වෙනවා.
අමෙරිකානුවන්ට කත් අදින පාලකයින් බලයට ආවාම ඔහොම වෙනවා. 1956 කලින් රුසියානු නැවකට වතුර ගන්නවත් කොළඹ වරායට එන්න දුන්නේ නැහැ. එතැනත් කෙළවා ගත්තා වගෙයි...
අපේ ජනාධිපති කෝ