(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ රදවාගෙන සිටින රුසියානු ගුවන් යානය පිළිබඳ ප්රශ්නය වහාම විසඳීමට මෙරටබලධාරීන් කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියා කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කැස්බෑව ගොරකපිටිය ප්‍රදේශයේ අද පැවති උත්සවයකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මොනවා වෙන්නද? එයාලා ගුවන් ගමන් නවත්වලා...
ගොරකාපිටියෙ මිනිස්සුද? ගුවන් යානාවට යන්න නොදී තියාගෙන ඉන්නේ...!
අපිට කියන්නේ අපි ඇන්දුවද? කියන්න ආණුඩුවේ අයට. අපි නෙමෙයි ආණ්ඩු කරන්නේ නුඹලානේ... අමුකැවිලද?
තියෙන ප්‍රශ්න මදිවට තවත් ලෙඩක් දාගෙන රට නැතිම කරලා දායි වගේ... රටේ නායකයෙක් නැතුවහම ඉතින් රටේ මිනිස්සුන්ට අබ සරණයි...
ගොරකා පිටියේ මහජන රැස්වීම්වල ඕවා කියලා හරියනවද? මෙයා කැබිනට් ඇමැති කෙනෙක් නේද? ඉහළ මට්ටමින් තීරණයක් ඕනෑ කියලා තේරෙන්නේ නැද්ද?
ඇමෙරිකන් ගැත්තන්ගේ කුමන්ත්‍රණ... අපිට පව්...!
රට මේ තරම් අමාරු තත්වයකට පත්වෙලා තියන මේ වෙලාවේත් ඇමතිවරු උත්සව තියනවා නම් මොවුන් මොන වගේ අයද කියලා හිතෙනවා. අනවශ්‍ය වියදම් කරන්න මුදල් නාස්ති කරමින් මේ දේශපාලුවන් කරන විකාර මොනවාද...?
මෙතන කිසිම කුමන්ත්‍රණයක් නැහැ. ලීසින් කොම්පැනියක් උසාවියට පැමිණිලි කළා. විනිසුරුතුමා ඒ අනුව කටයුතු කළා. මේකට සී.අයි.ඒ, එන්.ජී.ඕ, ඩයස්පෝරා, රෝ, ඉන්දියා, ජේ වී පී පටලවන්න යන්නේ මොකටද?
ඔවුන්ට යන්න දෙන්න... අපිට අපේම දේශීය දේවල් තියෙනවා..
රුසියානු යානය වහාම නිදහස් කරන්න.
ඕක රැස්වීම්වල කියලා වැඩක් තියෙනවාද? ඔහොම තමයි රූකඩ පාලකයින් පත්කර ගත්තාම බලවත් රටවල් ඔවුන්ගේ නෝක්කාඩු පිරිමහන්න බළලුන් ලවා කොස් ඇට බාවනවා... අන්තිමට දහදුක් විඳින්නේ දුගී ජනතාවයි... සේරම යහතින් සියළුම සැප සම්පත් භුක්ති විඳිමින් යෙහෙන් වැජඹේවි..