(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් කොළඹ තමන්ට අයිති නිවාස තිබියදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්ද නිවාස විවිධ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් ලබාගෙන සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කොළඹ තමන්ටම අයිති නිවාස ඇති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස ලබාදීම නීතිය අනුව තහනම් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
සමහර මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත්තේ තමන්ට කොළඹ නිවාස නැති බව දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කරමින් බව කියති.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රී පිරිසට කොළඹ නගරයේ නිවාස දෙක තුනක හිමිකම ඇති අයද ඇතුළත් වෙතියි වාර්තාවේ.
මේ අතර මන්ත්‍රීවරුන් පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන කාලයක් තිස්සේ ඒවා වසා දමා වෙනත් ස්ථානවල පදිංචිව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ නිවෙසක් නොමැති ඈත දුර බැහැර ප්‍රදේශවල ඇතැම් මන්ත්‍රීවරුන්ට මේ තත්ත්වය යටතේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීම විශාල ගැටලුවක්වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අවංක දේශපාලනඥයින් නොමැතිවීම අභාග්‍යයකි. අනාගතයේදී රටට, ජනතාවට අවංකව කටයුතු කරන මහත්වරුන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව වගබලාගත යුතුයි...
කොළඹ තමන්ටම අයිති නිවාස ඇති, මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස ලබාදීම නීතිය අනුව තහනම් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසා සිටින්නේ නම් කිසිඳු සොයාබැලීමකින් තොරව දේශපාලන බලයට යටත්ව ක්‍රියා කරන පාර්ලිමේන්තු නිලධාරිහුද වගකිව යුතුවේ. විවිධ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් ලබාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ නම් සියල්ල හෙළි කළ යුතුය.
ශිෂ්ඨ සමාජ දූෂිතයින්ගෙන් අවංකවම හා සාධාරණත්වය බලාපොරොත්තු වීම විහිළුවකි. හැබැයි නමට සද්ගුණවත් මහජන සේවක.. තැන? රටේ නීති රීති සම්පාදනය හා නිසි අයුරින් පවත්වාගෙන යනවා... සියලු නීතිරීති බිඳ දමා හොරවැඩ කිරීම.. මෙන්න මේ වෙනස කරන්න තමයි අරගලය..!
ගිනි දෙයියෝ වඩම්මවන්න වගේ වුවමනාව...
මේ අයට ගහන්න ඕනේ බූවලිගයෙන්...
මම ජනාධිපති වුණොත් මාදිවෙල ගෙවල් අරගෙන සිටින අයගේ කොළඹ තියෙන ගෙවල් රජයට පවරාගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රජයට ආදායම් ලබා ගන්නවා.
මේ අය හැදෙන්නේ නැහැ කවදාවත්...!
ලප කුමාරගේ ගෝලයා කාන්ත දැනට අවුරුදු 19ක් තිස්සේම පදිංචි වෙලා ඉන්නේ මන්ත්‍රී නිවාසයක... එයා පාර්ලිමේන්තුවේවත් ඉන්න කෙනෙක් නෙමෙයි...!
රංජන් උන්නැහේ, කරුණාකර ඕපාදූප නැතිව ඔබේ කතාව ඔප්පු කරන්න...!
වංචාව, හොරකම මුල් බැස ගත් සමාජයකින් මීට වඩා දෙයක් බලාපොරුත්තු විය නොහැක.
ගත්තෙ නැතිනම් තමා පුදුම.